69 වන නිදහස් උළෙල හේතුවෙන් අද සිට ගාලු මුවදොර ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලස්මක්

69 වන නිදහස් උළෙල හේතුවෙන් අද සිට ගාලු මුවදොර ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලස්මක්

69 වන නිදහස් උළෙල හේතුවෙන් අද සිට ගාලු මුවදොර ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලස්මක්

කර්තෘ Hashini De Mel

28 Jan, 2017 | 7:07 am

69 වන නිදහස් උළෙලේ පෙරහුරු හේතුවෙන් අද සිට ලබන 4 වෙනි දා දක්වා කොළඹ ගාලු මුවදොර පිටිය ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලස්මක් ක්‍රියාත්මක බව පොලීසිය පැවසී ය.

රථ වාහන කටයුතු පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති, පාලිත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ, අද සහ හෙට උදෑසන 7 සිට පෙරහුරු අවසන් වන තෙක් ගාලු පාර, ගාලු මුවදොර වටරවුමේ සිට පැරණි පාර්ලිමේන්තු වටරවුම දක්වා වසා තැබෙන බව ය.

ලබන 1වෙනි දා සිට 3වෙනි දා දක්වා උදෑසන 8 සිට දහවල් 12 දක්වා ද එම ප්‍රදේශය වසා තැබෙන බව පොලීසිය සඳහන් කළේ ය.

මේ අතර නිදහස් දිනය දා අලුයම සිට සැමරුම් උළෙල අවසන් වන තෙක් ගාලු මුවදොර ආශ්‍රිත ප්‍රදේශයේ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න contact[email protected]