මේ කාලය දේශපාලන බලය සඳහා සටන් කළ යුතු කාලයක් නෙමේ – ජනපති (VIDEO)

මේ කාලය දේශපාලන බලය සඳහා සටන් කළ යුතු කාලයක් නෙමේ – ජනපති (VIDEO)

කර්තෘ Sakila Udayakumara

28 Jan, 2017 | 6:07 pm

සියලු දෙනා එක්ව සටන් කළ යුත්තේ බලය සඳහා නොව රට ගොඩනැගීමට බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ, අද මොණරාගල, කුඹුක්කන ඉදිකිරීමට යෝජිත ජලාශ්‍ර ව්‍යාපෘතිය සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වෙමිනි.

මොණරාගල කුඹුක්කන් ඔය ජලාශ්‍ර ව්‍යාපෘතිය රුපියල් මිලියන 31000ක වියදමකින් ක්‍රියාත්මක ය.

ඌව වෙල්ලස්සේ කෘෂිකර්මාන්තය සඳහා ජලය සැපයීම මෙන් ම ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන වකුගඩු රෝගය මර්දනය කරමින් ජනතාවට අවශ්‍ය පිරිසිදු පානීය ජලය සැපයීම ද මෙම ව්‍යාපෘතියේ අරමුණ වී තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]