විමල් වීරවංශගේ ඇප අයැදුම අධිකරණය ඉවත දමයි : ලබන 7 තෙක් යළි රිමාන්ඩ්

විමල් වීරවංශගේ ඇප අයැදුම අධිකරණය ඉවත දමයි : ලබන 7 තෙක් යළි රිමාන්ඩ්

කර්තෘ Sagarika Chathumali

24 Jan, 2017 | 3:09 pm

හිටපු අමාත්‍ය විමල් වීරවංශ ලබන මස 7 වන දා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර‍ගත කෙරිණ.

ඒ, කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය හමුවට අද ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.

විමල් වීරවංශ මහතා ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනුනේ, සිද්ධියක් සම්බන්ධයෙනි.

සැකකරුවන් දෙදෙනාට එරෙහිව එල්ලවී ඇති චෝදනා මේ දක්වා , ලැබී ඇති සාක්ෂි අනුව සනාථ වන බව පෙන්වාදුන් මහේස්ත්‍රාත්වරිය ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ඔවුන් යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේ ය.

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට ලබාදුන්, වාහන 3ක්, නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ ලසන්ත අලගියවන්න මහතා වෙත ලබාදී ඇති බවට විමර්ශන නිලධාරීන් එහිදී අධිකරණයට පෙන්වා දුන්නේ ය.

ඒ අනුව එම වාහන නිසි ක්‍රියාපටි අනුව ලබා දී ඇති දැයි විමර්ශනය කර, සම්පූර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරි පත්කරන ලෙස, මහේස්ත්‍රාත්වරිය මෙහිදී වැඩිදුරටත් මූල්‍ය අපරාධ කොට්ඨාසයට නියෝග කළේ ය.