පර්පෙචුවල් ට්‍රෙෂරීස් පසුගිය රජය සමයේත් සැක කටයුතු ගනුදෙනුවල: පාර්ලිමේන්තුවේදී හෙළිවෙයි (VIDEO)

පර්පෙචුවල් ට්‍රෙෂරීස් පසුගිය රජය සමයේත් සැක කටයුතු ගනුදෙනුවල: පාර්ලිමේන්තුවේදී හෙළිවෙයි (VIDEO)

කර්තෘ Sakila Udayakumara

24 Jan, 2017 | 8:32 pm

බැඳුම්කර ගනුදෙනු පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අතරතුර පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම පිළිබඳව තව ත් කරුණු  අනාවරණය විය.

අද ආණ්ඩු පක්ෂය හෙළි කළේ, මෙම සමාගම මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ ද විවිධ ගනුදෙනු සිදු කර ඇති බව ය.

කබීර් හෂීම්
රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය
[quote]පම්ප් ඇන්ඩ් ඩ්‍රම්ප් න්‍යාය අර්ථ සාධක අරමුදලට සිදුවෙච්ච පාඩුව ගැන කථා කළා ජනතා විමුක්ති ‍පෙරමුණෙන්. ඔබට
ඔබගේ හෘද සාක්ෂියට තට්ටු කරලා බලන්න ඒ දවස්වල අර්ථ සාධක අරමුදලට කරපු වංචාව. එදා ඒගොල්ලෝ මොකක්ද
කළේ. මේ පර්පෙචුවල් සමාගම පාවිච්චි කරලා සිලෝන් ග්‍රේන් එලිවේඩර්ස් කියන සමාගමෙන් කොටස් 5.3 මිලියන්,
කොටස් ලක්ෂ 53ක් අරගෙන. ඊලඟට ලාෆ් ගෑස් කොටස් මිලියන 57ක්, ද ‍‍ෆීනෑන්ස් එකෙන් කොටස් මිලියන 5.1ක්
සෙන්ට්‍රල් ‍ෆිනෑන්ස් එකේ කොටස් මිලියන 23ක්, බයිරහා සමාගමේ කොටස් මිලියන 1.2 ක් අරගෙන වැඩි මිලට අරගෙන,
එය අන්තිමේට අර්ථ සාධක අරමුදලට සිදුවූ පාඩුවට ඒවා විකුණන්න කෝටි ගානක් එදා පාඩු වුණා අර්ධ සාධක අරමුදලට.[/quote]

ආචාර්ය හර්ෂ ද සිල්වා
විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
[quote]පර්පෙචුවල් සමාගම ගැන මම අභියෝග කරනවා, ඉස්සෙල්ලාම කථා කළේ මම මේ පාර්ලිමේන්තුවේ. 2014 ජුනි මාසේ 5
වැනි දා මම මේ සමාගම ගැන මෙන්න මේ විදියට කියනවා. එක හැන්සාඩ් එකේ තියෙනවා. මම කියන්නේ, මේ දවස්වල
අර්ථ සාධක අරමුදල කුකුළු කොටුවක ආයෝජනය කරලා කියලා සමාජයේ ලොකු විවේචනයක් යනවා. ඒ තමයි සිලෝන්
ග්‍රේන් එලිවේටර්ස් කියන ආයතනය එකේ කුකුලෝ හදනවා. පොඩි කුකුළු පැටව් අරන් ලොකු කුකුළා බ්‍රෝයිලර්ස් චිකන්
කියලා විකුණනවා. ඊට පස්සේ කුකුළන් කන කෑම හදනවා. ලංකාවේ ඊ.පී.එෆ්. එකෙන් කරපු ලොකුම වංචාව තමයි මේක
කුකුල් කොටුවක් එක්ක කළ ගනුදෙනුවේ සුදුකරපටි අපරාධකාරයෝ රුපියල් 50ට විතර තිබුණ කොටස මාසයකින් මාස
එකහාමාරකින් විතර රුපියල් 250ට අරගෙන ගියා. ඊට පස්සේ ඇවරේජ් කොටස් එකට කොටසක් රුපියල් 187.50 ගානේ
සේවක අර්ථ සාධක අරමුදලට වික්කා. මං ගාව තියෙනවා චාට් එක අද වෙනකොට එකේ කොටස රුපියල් 36 ට බැහැලා
තියෙනවා කියලා මම කියනවා.[/quote]

නාමල් රාජපක්ෂ – පා.ම.
එක්සත් ජනතා නිදහස් සන්ධානය
[quote]ඒකාබද්ධ විපක්ෂයට චෝදනා කරන මේ ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන්ගෙන් මම අහනවා ඔබතුමාලාට හයියක්
තියෙනවා නම් කට ඇරලා කියන්න අර්ජුන් මහන්ද්‍රනුයි අර්ජුන් ඇලෝසියස්වයි අත්අඩංගුවට ගන්න ඕනේ කියලා. පුළුවන්
නම් කියන්න. අපේ රන්ජන් රාමනායක මන්ත්‍රීතුමා හොරු අල්ලන මන්ත්‍රීතුමා. ඔබතුමා යෝජනා කරන්න අර්ජුන්
මහේන්ද්‍රන්ව අත්අඩංගුවට ගන්න ඕනේ කියලා.[/quote]

රන්ජන් රාමනායන
සමාජ සුබ සාධන හා සවිබල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය
[quote]ඇමතිතුමනි ඔබතුමා නම කිව්වාට ස්තුතියි. හැබැයි ඔබතුමාගේ හොඳ ම මිතුරා නේද ජනවාරි 8ට ඉස්සෙල්ලා අර්ජුන්
ඇ‍ලෝසියස්.[/quote]

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]