දකුණු අප්‍රිකා කණ්ඩායමේ ප්‍රභලයන් නැවත එක්දින පිටියට, ශ්‍රී ලංකාවේ නායකත්වය උපුල්ට

දකුණු අප්‍රිකා කණ්ඩායමේ ප්‍රභලයන් නැවත එක්දින පිටියට, ශ්‍රී ලංකාවේ නායකත්වය උපුල්ට

දකුණු අප්‍රිකා කණ්ඩායමේ ප්‍රභලයන් නැවත එක්දින පිටියට, ශ්‍රී ලංකාවේ නායකත්වය උපුල්ට

කර්තෘ Nadeeshan Meedin

24 Jan, 2017 | 7:05 pm

ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියට දකුණු අප්‍රිකා කණ්ඩායම නම් කර ඇත.

ඒ. බී. ඩිවිලියස්ගේ නායකත්වයෙන් ක්‍රීඩා කරන කණ්ඩායමට පන්දුවාර 20/20 තරගවලියට ක්‍රීඩා නොකළ ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් රැසක් එක් කර තිබේ.

ඒ අනුව හෂීම් අම්ලා, කුවින්ටන් ඩි කොක්, ජේ.පී. ඩුමිනි, ෆෆ් ඩු ප්ලෙසිස්, කගීසෝ රබාඩා හා ක්‍රිස් මොරිස් එක් කර ඇත.

ඊට අමතරව පන්දුවාර 20/20 තරගාවලියට නායකත්වය ලබා දුන් ෆර්හාන් බහාර්දීන් ට අමතරව ඊට සහභාගීවූ ඩේවිඩ් මිලර්, ඉම්රාන් තහීර් හා වේන් පානෙල්ද අතුළත් වේ.

ඔවුන්ට අමතරව පන්දුවෙන් දක්ෂතා දැක්වූ ලුන්ගී න්ගිඩී ද අතුළත්ව තිබීම විශේෂත්වයක් වේ.

මීට පෙර එක්දින කණ්ඩායම නියෝජනය කළ කයිල් ඇබොට් හා රිලී රොසෙව් කණ්ඩායමට නම් කර නැහැ.

ඒ ඔවුන් තවදුරටත් දකුණු අප්‍රිකාව නියෝජනය කිරීමට ප්‍රතික්ෂේප කරමින් එංගලන්ත ප්‍රාන්ත තරගාවලියට සහභාගීවීමට කැමැත්ත පළකරීම හේතුවෙනි.

ඔවුන් දෙදෙනාට අමතර ඒරන් පගින්සෝ හා ආබාදට ලක්ව සිටින ඩේල් ස්ටේන්ද කණ්ඩායමට ඇතුළත්ව නැත.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ දක්වා නිළ වශයෙන් නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන නොමැත.


යාවත්කාලීන කිරීම  ප.ව. 7.15 

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකත්වයට උපුල් තරංග නම් කල බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. ඒ ආබාදයකට ලක්ව සිටින ඇන්ජලෝ මැතිව්ස්ට එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගීවීමේ අවස්ථාව අහිමිවීමත් හේතුවෙනි.

ඊට අමතරව ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමට, නවක ක්‍රීඩකයන් වන සඳුන් වීරක්කොඩි, ලහිරි මධුශංක හා චතුරංග ද සිල්වා ද එක්කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කල නිවේදනයේ සඳහන්  වේ.