සහන යාත්‍රාව හා අත්වැල් බැඳගත් ලක්වාසී ඔබ සැමට තුති…!

සහන යාත්‍රාව හා අත්වැල් බැඳගත් ලක්වාසී ඔබ සැමට තුති…!

කර්තෘ Sagarika Chathumali

22 Jan, 2017 | 10:20 am

සිරස, ශක්ති, ටී.වී. වන්, එම්.බී.සී. හා නිව්ස් ෆස්ට් සහන යාත්‍රාවෙන් රැගන ගිය ද්‍රව්‍යාධාර නියඟයෙන් පීඩා පීඩාවට පත්ව සිටි ලක්ෂ සංඛ්‍යාත ජනතාව අතරේ බෙදා දුන්නේ ය.

නියඟය දුරු කොට වර්ෂාව ලැබේවා! යැයි ප්‍රාර්ථනා කරමින් සහන යාත්‍රාව ගමන් ආරම්භ කිරීමට පෙර අද උදෑසන කොළඹ දෙක බේබෘක් පෙදෙසේ සිරස ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී විශේෂ දේව කන්නලව්වක් පැවැත්විණ.

සහන යාත්‍රාව ගමන් ආරම්භ කළේ, වැසි ප්‍රාර්ථනා කළ එම දේව කන්නලව්වෙන් අනතුරුව පැවති සර්ව ආගමික වතාවත්වලින් පසුව ය.

නියඟයෙන් පීඩා විඳින ජනතාව වෙනුවෙන් සහන යාත්‍රාවේ ද්‍රව්‍යාධාර අද අලුයම වන තෙක් ජනතාව අතරේ බෙදා හැරීමට News1st කාර්ය මණ්ඩලය යුහුසුළුව කටයුතු කළේ ය.

කණ්ඩායම් 4කින් නියඟයෙන් පීඩාවට පත්වූවන් සිටින මොනරාගල, හම්බන්තොට, මඩකලපුව සහ යාපනය ප්‍රදේශ වෙත ගමන් ආරම්භ කළහ.

ප්‍රදේශ ගණනාවක් ආවරණය වන පරිදි ඔබ අපට ලබාදුන් සියලුම ද්‍රව්‍යාධාර නියඟය නිසා පීඩා විඳින ජනතාව වෙත අප කණ්ඩායම් ඉතා සුරක්ෂිතව බෙදා හැරීමට අපි කටයුතු කළෙමු.

අප කළ ක්ෂණික දැනුම්දීම හමුවේ සුපුරුදු ලෙන්ගතුකමින් අප හා එක්වෙමින් සිරස – ශක්ති නිව්ස් ෆස්ට් සහන යාත්‍රාව කෙරෙහි ඔබ තැබූ විශ්වාසයට අපගේ ගෞරව ප්‍රණාමය…!

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]