සිරස / ශක්ති / නිව්ස්ෆස්ට් සහන යාත්‍රා වැඩසටහනේ දෙවන දිනය අදයි

සිරස / ශක්ති / නිව්ස්ෆස්ට් සහන යාත්‍රා වැඩසටහනේ දෙවන දිනය අදයි

කර්තෘ Hashini De Mel

20 Jan, 2017 | 6:34 am

නියඟයෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීම සඳහා සිරස/ ශක්ති/ ටීවි.වන්/ එම්.බී.සී හා නිව්ස්ෆස්ට් සහන යාත්‍රා වැඩසටහනට අදත් ආධාර ලබා ගැනීම සිදු කෙරේ.

ආධාර එකතු කිරීමට මධ්‍යස්ථාන 04 ක් ඇති අතර එනම්, කොළඹ 02 බේබෘක් පෙදෙසේ සිරස ප්‍රධාන කාර්යාලය, රත්මලාන ස්ටයින් මැදිරි සංකීර්ණය, අරලිය උයන දෙපානම මැදිරි සංකීර්ණය සහ කොළඹ ඩාර්ලි පාරේ පිහිටි හැරිසන්ස් සමාගම් කාර්යාලය යන ස්ථානවලදී මෙම අධාර එක්රැස් කිරීම අද දිනටත් සිදු කිරීමට නියමිතව තිබේ.

විපතට පත් ජනතාව වෙනුවෙන් පානීය ජල බෝතල්, සහල්, පරිප්පු, සීනි සහ කිරිපිටි ඔබටත් පරිත්‍යාග කළ හැකි ය.

හෙට දිනයේදී එම ද්‍රව්‍ය පීඩාවට පත් ජනතාව වෙනුවෙන් බෙදා දීමට සීමාසහිත කැපිටල් මහාරාජා සංවිධානය සියලු කටයුතු යොදා තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]