ඉස්තාන්බුල් සමාජ ශාලා ත්‍රස්ත ප්‍රහාරකයා අල්ලා ගනී (VIDEO)

ඉස්තාන්බුල් සමාජ ශාලා ත්‍රස්ත ප්‍රහාරකයා අල්ලා ගනී (VIDEO)

කර්තෘ Sagarika Chathumali

17 Jan, 2017 | 9:21 am

2017 නව අවුරුදු උදාවත් ම තුර්කියේ, ඉස්තාන්බුල් නුවර සමාජ ශාලාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

උස්බෙකිස්ථාන ජාතික අබ්දුල්කදිර් මෂාරීපෝ නම් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉස්තාන්බුල් නුවර ඉසෙන්යූට් දිස්ත්‍රික්කයේ දී ය.

2017 වසර උදා වී හෝරාවක් යන්නට මත්තෙන් තුර්කියේ, ඉස්තාන්බුල් නුවර සමාජ ශාලාවකට කඩා වැදුණු සැකකරු එහි සිටි පුද්ගලයින් 39 දෙනෙක් වෙඩි තබා ඝාතනය කළේ ය.

ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින්  70 දෙනෙක්  තුවාල ලැබූහ.

වෙඩි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූ පිරිස අතර ඊශ්‍රායල, ප්‍රංශ, ටියුනීසියා, ලෙබනන්, බෙල්ජියම්, ඉන්දීය සහ සෞදි අරාබි ජාතිකයෝ ද වූහ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා තුර්කි ආරක්ෂක අංශ දැඩි පරිශ්‍රමයක් දැරූ බව ය.

මෂාරීපෝ මිතුරෙකුගේ නිවසේ සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන ඇති අතර එහි ඔහුගේ සිව් හැවිරිදි පුත්‍රයා ද සිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

සැකකරුට නවාතැන් දුන් මිතුරා සහ එහි සිටි කාන්තාවන් තිදෙනෙකු ද පොලිස් භාරයට ගෙන තිබේ.

පසුගිය 1 වන දා අලුයම 1.30ට පමණ සමාජ ශාලාවට ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ එහි පුද්ගලයින් 700 දෙනෙකු පමණ සිට ඇත.

තුර්කිය පසුගිය සිව් මසක සිට සිරියාවේ සටන් සඳහා දායක වී සිටින අතර ප්‍රහාරයේ වගකීම භාර ගනිමින් IS ත්‍රස්ත සංවිධානය පැවසුවේ, තුර්කිය හමුදා සිරියානු ප්‍රහාර සඳහා සහය දැක්වීමට එකට එක කිරීමක් වශයෙන් ප්‍රහාරය එල්ල කළ බව ය.

සමාජ ශාලාවට කඩා වැදුණු ත්‍රස්වාදියා පිරිසට වෙඩි තබා ඝාතනය කරන අයුරු දැක්වෙන CCTV දර්ශන …

 

2016 වසරේ තුර්කියට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර :

දෙසැම්බර් 10 : ඉස්ථාන්බුල් නුවර පාපාන්දු ක්‍රීඩාංගණයක් අසලට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 44ක් ජීවිතක්ෂයට

ජුනි 28 : තුවක්කුකරුවෙක් ඉස්තාන්බුල්හි ආටටර්ක් ගුවන්තොටුපොළට එල්ල කළ බෝම්බ සහ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයින් 41ක් මරුට

මාර්තු 13 : ඇන්කරා නුවරට එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 37ක් මරුට

පෙබරවාරි 17 : ඇන්කරාහි හමුදා භාණ්ඩ රැගත් රථ පෙළකට එල්ල වූ ප්‍රහාරයකින් 28ක් මරුට

අගෝස්තු 20 : ගෑසියන්ටෙප්හි විවාහ මංගල්‍ය උත්සවයකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 30 දෙනෙකු මරුට

තුර්කිය පසුගිය වසරේ බරපතළ ගනයේ ත්‍රස්ත ප්‍රහාර රැසකට ගොදුරු වූ අතර එම ප්‍රහාර බොහොමයක් සිදු කරනු ලැබුවේ IS සටන්කාමීන් සහ කුර්දි කැරලිකරුවන් විසිනි.

පසුගිය සමයේ තුර්කියට එල්ල වූ ප්‍රහාර දෙස විමර්ශනශීලිව බැලීමේදී පැහැදිලි වන්නේ කුර්දි කැරලිකරුවන් බොහෝ අවස්ථාවලදී තුර්කියේ ආරක්ෂ අංශ ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ බව ත් ඔවුන් සිවිල් වැසියන් ඉලක්ක කර ප්‍රහාර එල්ල කර නොමැති බවත් ය.

_93622004_037306961-1 GettyImages-630761090-1100x733 93201692_mediaitem93201691-1 123116ktrkapturkeyattack15img IstanbulNightclubMassacreAftermathJan12017AP_large

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]