ජනදුක නිවන මෙහෙවර ‘ගම්මැද්ද’ අද සිට යළි ත් ගෙයින් ගෙට

ජනදුක නිවන මෙහෙවර ‘ගම්මැද්ද’ අද සිට යළි ත් ගෙයින් ගෙට

කර්තෘ Sagarika Chathumali

12 Jan, 2017 | 7:42 am

මෙරට දුක් විඳන ජනතාවට සැබෑ ම ශක්තියක් වූ ගම්මැද්ද තවත් පියවරක් ඉදිරියට තබමින් ගම්මැද්ද ගෙයින් ගෙට වැඩසටහන යළි ත් අද සිට යළි ආරම්භ වේ. 

ඒ අනුව පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා ත්, කොළඹ සිට සංගමන්කන්ද තුඩුව දක්වාත් වු සමස්ත භූමිය ම ආවරණය වන පරිදි යළි ත් අපේ ඔබේ නිවසට පැමිණීමට සූදානම්.

ගම්මැද්ද ගෙයින් ගෙට පළමු ක්‍රියාන්විත හරහා අප හඳුනාගත් සියලු ගැටලුවලට විසඳුම් ලබාදෙන්නට අපට හැකි වූයේ ජනතාවගේ දෙනෙත් අග රැදුණු කදුළු කතාවන් රැසක් නිමා කරමිනි.

එහි සතුට සමගින් අද සිට ගම්මැද්ද ගෙයින් ගෙට වැඩසටහන ආරම්භ කිරීමට සියලු කටයුතු සුදානම්.

මේ අනුව News1st සාමාජිකයින් අද වව්නියාව, කුරුණෑගල සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලින් ගෙයින් ගෙට මෙහෙයුම ආරම්භ කරනු ඇති.

ඔබ සොයා යළිත් ගෙයින් ගෙට දෙවන පියවර ඇරඹීමට  අප තීරණය කළේ, ගම්මැද්ද දින 100 ක්‍රියාත්මක වූ අතර වාරයේ සර්ව ආගමික නායකයින්ගේ හා ජනතාවගෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් සැලකිල්ලට ගනිමිනි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]