බැරක් ඔබාමාගේ සමුගැනීමේ දේශනය (VIDEO)

බැරක් ඔබාමාගේ සමුගැනීමේ දේශනය (VIDEO)

කර්තෘ Sakila Udayakumara

11 Jan, 2017 | 11:50 am

ජනාධිපති බැරක් ඔබාමා සිය සමුගැනීමේ දේශනය පැවත්විය.

මේ මස 20 වන දායින් අවසන් වන සිය ජනාධිපති ධූර සමයේ ජාතිය අමතා සිදු කරන අවසන් දේශනය බැරක් ඔබමා එලෙස සිදු කළේ ය.

ඒ, ඔහුගේ උපන් ප්‍රදේශය වන චිකාගෝහිදී ය.

එහිදී ඔහු සිය සහයකයින්ට ස්තුති කරමින් පැවසුවේ, ඔවුන් අමෙරිකාව තුළ වෙනසක් සිදු කළ බව ය.

ජනාධිපතිවරයා තම පවුලට ද සිය හෘදයාංගම ස්තුතිය පළ කිරීමට අමතක නොකළේ ය.

වසර 8ක් අමෙරිකානු ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ බැරක් ඔබාමාගේ සමුදීමේ මෙම අවස්ථාව ඉතා සංවේදී අවස්ථාවක් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.