හම්බන්තොට නොසන්සුන් කළ පුද්ගලයින් රක්ෂිත බන්ධනාගාරයට

හම්බන්තොට නොසන්සුන් කළ පුද්ගලයින් රක්ෂිත බන්ධනාගාරයට

හම්බන්තොට නොසන්සුන් කළ පුද්ගලයින් රක්ෂිත බන්ධනාගාරයට

කර්තෘ Hashini De Mel

08 Jan, 2017 | 4:19 pm

හම්බන්තොට, මිරිජ්ජවිල ප්‍රදේශයේ ඇති වූ නොසන්සුන්තාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් 34 දෙනෙකු හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

ඒ, ඔවුන් අද හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය.

හම්බන්තොට පොලීසිය මගින් අත්අඩංගුවට ගත් පුද්ගලයින් 11දෙනෙකු අද අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර ඊයේ දිනයේ රක්ෂිත බන්ධනාගාර ගත කළ පුද්ගලයින් 23 දෙනා ද අද නැවත අධිකරණයට ඉදිරිපත් කෙරුණි.

එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ, සියලු දෙනාම හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ය.