මුහුදු  සීමා උල්ලංඝනය කරන විදෙස් ධීවරයින්ට නඩු  පැවරීමට නව නීති

මුහුදු සීමා උල්ලංඝනය කරන විදෙස් ධීවරයින්ට නඩු පැවරීමට නව නීති

මුහුදු සීමා උල්ලංඝනය කරන විදෙස් ධීවරයින්ට නඩු පැවරීමට නව නීති

කර්තෘ Hashini De Mel

08 Jan, 2017 | 5:18 pm

මෙරට මුහුදු සීමා උල්ලංඝනය කරන විදෙස් ධීවරයින්ට සහ යාත්‍රා හිමිකරුවන්ට නඩු පැවැරීමට නව නීති ගෙන එන බව ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

අමාත්‍යාංශ ලේකම් ඩබ්ලිව්. එම්. එම්. ආර් අධිකාරි මහත්මිය සඳහන් කළේ, නව විදේශ ධීවර යාත්‍රා පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර එය සම්මත විමේන් පසුව ඉන්දීය ධීවරයින්ට සහ ධීවර යාත්‍රා හිමියන්ට නඩු පැවරීමට කටයුතු කරන බව ය.

පනත් කෙටුම්පත මේ වනවිට සකස් කර නීතිපතිවරයාට යොමු කර ඇති බව ද ඇය සඳහන් කළා ය.

දැනට තිබෙන පනතින් ඔවුන්ට මහාධිකරණයක පමණක් නඩු පැවරිය හැකි බවත් නව පනත සම්මත විමේන් අනතුරුව මහේස්ත්‍රාත් අධිකරණයක නඩු පැවරිය හැකි බව ලේකම්වරිය පැවසුවා ය.