නිව්ස්ෆස්ට් සංවිධානය කරන රියැදුරන් දැනුවත් කිරීමේ දෙවන අදියර රත්නපුරයේදී

නිව්ස්ෆස්ට් සංවිධානය කරන රියැදුරන් දැනුවත් කිරීමේ දෙවන අදියර රත්නපුරයේදී

කර්තෘ Hashini De Mel

08 Jan, 2017 | 11:58 pm

“රිය අනතුරු වළකමු” තේමාව යටතේ නිව්ස්ෆස්ට් දීප ව්‍යාප්තව සංවිධානය කරන රියැදුරන් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ දෙවන අදියර අද රත්නපුර ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ දී පැවැත් විය.

මෙම උත්සවය ආරම්භ වීමට ප්‍රථම ත්‍රීරෝද රථ රියැදුරන් රිය පිරිසක් පෙරහැරකින් ප්‍රාදේශිය ලේකම් කාර්යාලය වෙත පැමිණිය හ.

මෙම වැඩසටහනට ‍සම්පත් දායකත්වය ලබා දී ඇත්තේ, “ශ්‍රී ලංකා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවයි”. ඊට සමස්ථ ලංකා පාසල් ළමුන් ප්‍රවාහනය කිරීමේ සංගමය ඇතුළු ත්‍රීරෝද රථ සංගම් කිහිපයක් ද සහභාගී වී ඇත.

නිව්ස්ෆස්ට් මෙම වැඩසටහන පැවැත්වීමේ අරමුණ වී ඇත්තේ, විශේෂයෙන් මහමග රථවාහන පාලනය කරන ශ්‍රී ලංකා පොලීසියේ නිලධාරීන්ට සහය වීමක් ලෙසින්ය.

රියැදුරන්, පදිකයින් සහ මගීන් දැනුවත් කිරීම මගින් රථවාහන අනතුරු මෙන් ම මාර්ග තදබදය ද අවම කර ගැනීමට හැකි වනු ඇත.

නිව්ස්ෆස්ට් අධ්‍යක්ෂ සමාන්‍යාධිකාරී,යසරත් කමල්සිරි මහතා ප්‍රකාශ කර සිටියේ,

[quote]අමතක කරන්න බෑ අපි පාරේ යනකොට අපි ගොඩක් දෙනෙක් ගොඩක් වේලාවකට දකින්න අකමැති පුද්ගලයෝ කීප දෙනෙක් දක්නට ලැබෙනවා ගොඩක් දෙනෙක් ඒ අයට බයයි. ඒ අපේ රථවාහන පරීක්ෂක අපේ පො‍ලීසියේ නිලධාරී මහත්ම මහත්මීන්. මං හිතන්නේ ඔවුන් ඒ දක්වන කැපවීම මේ පාර දිගේ අවුවේ ඉඳලා උදේ ඉදන් හවස් වෙනකම් අවුවට වැස්සට ඔරොත්තු දෙමින් මේ දක්වන සහයෝගය මං හිතන්නේ මේ රටේ මේ රියැදුරන් සඳහා විශේෂයෙන්ම රිය අනතුරු වැළැක්වීම සඳහා දක්වන සහය අපි ගෞරවපූර්වකව සිහිපත් කරන්න ඕනෑ.මොකද පොලිස් නිලධාරීතුමන්ගේ ඒ කැපවීම ඒ පහළ නිලධාරීන්ගේ කැපවීම නිසයි අදටත් අපිට මේ තරම්වත් අනතුරු අවම කර ගැනීමට හැකියාව ලැබිලා තියෙන්නේ[/quote]

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]