තිරසර යුගයක තෙවසර ඇරඹුම සැමරුම් උළෙල අද පස්වරුවේ

තිරසර යුගයක තෙවසර ඇරඹුම සැමරුම් උළෙල අද පස්වරුවේ

තිරසර යුගයක තෙවසර ඇරඹුම සැමරුම් උළෙල අද පස්වරුවේ

කර්තෘ Sagarika Chathumali

08 Jan, 2017 | 9:10 am

තිරසර යුගයක – තෙවසර ඇරඹුම – සැමරුම් උළෙල අද පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.

සැමරුම් උළෙල පැවැත්වෙන්නේ,  ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රධාන අමාත්‍ය ශ්‍රී චන්ද්‍රබාබු නායිදු මහතාගේ ප්‍රධානත්වයෙනි.

එහිදී සැමට සෞභ්‍යාගය යන මාතෘකාව යටතේ ඔහු විශේෂ දේශනයක් ද පැවැත්වීමට නියමිත ය.

ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස තුන්වන වරටත් තේරී පත් වූ චන්ද්‍රබාබු නායිදු මහතා එම ප්‍රාන්තයේ දිර්ඝතම කාලයක් කටයුතු කළ ප්‍රධාන අමාත්‍යවරයා ද වේ.
ඉන්දියන් ටුඩේ මගින් පිරිනමන සහශ්‍ර වර්ෂයේ තොරතුරු තාක්ෂණ ඉන්දියානුවා මෙන් ම ඉකනොමික්ස් ටයිම්ස් විසින් වසරේ ව්‍යාපාරිකයා ලෙස ද ඔහු නම් කර තිබේ.

මේ අතර දිවයිනට පැමිණි ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රධාන අමාත්‍ය ශ්‍රී චන්ද්‍රබාබු නායිදු මහතා ඊයේ පස්වරුවේ කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවිය.

මෙහිදී ශ්‍රී ලංකාවේ නව සංවර්ධන වැඩපිළිවෙළ චන්ද්‍රබාබු නායිදු මහතාගේ ඇගයීමට ලක්විය.

විශේෂයෙන් අධ්‍යාපන සහ සෞඛ්‍ය ක්ෂේත්‍රවල ලබා ඇති ප්‍රගතිය ප්‍රසංශාවලට ලක් කළ ඔහු එය ආසියාවේ සියලු රටවලට ආදර්ශයක් බව ද කියා සිටියේ ය.

ශ්‍රී චන්ද්‍රබාබු නායිදු මහතාගේ නායකත්වයෙන් ආන්ද්‍රා ප්‍රදේශය ලැබු ජයග්‍රහණය ජනාධිපතිතුමා මෙහිදී ඇගයීමට ලක් කළා.

මේ අතර ජනපතිගේ තෙවසර ඇරඹුම වෙනුවෙන් අද පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ විශේෂ පිංකම් රැසක් පැවැත්වෙනවා.

කොළඹ ගාලු මුවදොර වටරවුම ආශ්‍රිතව අද විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මකයි.

පොලීසිය සඳහන් කළේ, පෙරවරු 8 සිට පෙරවරු 10 00 දක්වා ගාලු පාරේ ගාලු මුවදොර වටරවුමේ සිට N S A වටරවුම දක්වා රථ වාහන ගමනාගමනය සීමා වන බව ය.

N S A වටරවුමේ සිට ජනාධිපති මාවතේත් පෙරවරු 10 සිට පස්වරු 01 00 දක්වා ගමනාගමනය සීමා කර තිබේ.

පොලීසිය පැවසුවේ විශේෂ උත්සව අවස්ථාවක් හේතුවෙන් මෙලෙස වාහන ගමනාගමනය සීමා කරන බව ය.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]