එංගලන්තය තෝරා ගත් ප්‍රභල ක්‍රීඩකයන් දෙදෙනෙකු දකුණු අප්‍රිකාව හැරයයි

එංගලන්තය තෝරා ගත් ප්‍රභල ක්‍රීඩකයන් දෙදෙනෙකු දකුණු අප්‍රිකාව හැරයයි

එංගලන්තය තෝරා ගත් ප්‍රභල ක්‍රීඩකයන් දෙදෙනෙකු දකුණු අප්‍රිකාව හැරයයි

කර්තෘ Nadeeshan Meedin

05 Jan, 2017 | 7:43 pm

ශ්‍රී ලංකාවට එරෙහිව තරගයක් ඉතිරිව තිබියදී, ටෙස්ට් තරගාවලිය ජය ගත් දකුණු අප්‍රිකා කණ්ඩායමෙන් ක්‍රිකට් ක්ෂේත්‍රයට බලපෑමක් වන ප්‍රවෘත්තියක් නිර්මාණය ව තිබේ.

ඒ දකුණු අප්‍රිකාව නියෝජනය කළ ප්‍රභල ක්‍රීඩකයන් දෙදෙනෙකුවූ වේග පන්දු යවන ක්‍රීඩක කයිල් ඇබට් හා පිතිකරුවෙකු වූ රිලි රොසෙව් යන ක්‍රීඩකයන්, ගිවිසුම් උල්ලංගණය කිරීම හේතුවෙන් එරට ජාතික කණ්ඩායමෙන් ඉවත් කිරීමට දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය මගින්  තීරණය කිරීම හේතුවෙනි.

එංගලන්තයේ ප්‍රාන්ත කණ්ඩායම් දෙකක් කොල්පක් ගිවිසුමට අනුව තෝරාගැනීම හේතුවෙන් එම ක්‍රීඩකයන්ට මේ තත්වය උදාව  ඇති බව මාධ්‍ය වාර්තා කර ඇත.

කයිල් ඇබට් හා රිලී රොසෙව්, පිළිවෙලින් එංගලන්තයේ හැම්ෂයර් හා  සදම්ටන් ප්‍රාන්ත කණ්ඩායම් සමගින් තුන් වසරක ගිවිසුමකට එළඹ ඇත්තේ, කොල්පක් ගිවිසුමක් හරහා වේ.

ඒ අනුව, ඔවුන්ට තවදුරටත් දකුණු අප්‍රිකා ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව අහිමි වන්නේ නැහැ.

කොල්පක් ගිවිසුම අනුව, එම පුද්ගලයන් /ක්‍රීඩකයන් යුරෝපානු පුරවැසියන් සේ සැලකීම මත තවදුරටත් දකුණු අප්‍රිකාවනුවන් ලෙස සැලකීමේ නෛතික හැකියාවක් නොමැති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

“මා සිතන ආකාරයට මා ගත්තේ නිවැරදි තීරණයක්,  දකුණු අප්‍රිකාව අමතක කර කොල්පක් ගිවිසුමකය එළඹීම ඉතා අපහසු තීරණයක් වුණා. නමුත්, මම ලබා දුන් දායකත්වය, දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය මගින් ඇගයීමට ලක් නොකිරීම මත කණ්ඩායමේ ස්ථානයක් අහිමිවීම මෙම තීරණට හේතු වුණා. ” – කයිල් ඇබට් විදෙස් මාධ්‍ය වෙත පවසා තිබේ.

මේ අතර, රිලී රුසෙව් විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ, ඔහුගේ තීරණයද හැඟුම්බර තීරණයක් වූ බවය.

“මා බොහෝ කාලයක් තුළ මේ ගැන කල්පනා කළා. දකුණු අප්‍රිකාවෙන්‍, එංගලන්තයට සංක්‍රමණය වීමට මා කළායක් පුරා හිතපු දෙයක්. ” “ක්‍රීඩා කළ කාලය තුළ ඉතා සතුටින් දකුණු අප්‍රිකාව නියෝජනය කළා. ඒ වගේම ඉදිරියටත්, දකුණු අප්‍රිකාව ක්‍රීඩා කරන තරග ආසාවෙන් නරඹනවා” – රිලී රුසෙව්

කයිල් ඇබොට් ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති පළමු ටෙස්ට් තරගයට ද සහභාගීවූ අතර එහිදී ඉනිම දෙකේ දී කඩුලු 5 ක් දවා ගත්තද, අද අවසන් වූ ටෙස්ට් තරගයේ දී කඩුලු දවා ගැනීමට සමත්වූ යේ නැත‍.

කොල්පක් ගිවිසුමක් යනු කුමක් ද ?

යුරෝපානු අධිකරණය මගින් දුන් තීන්දුවකට අනුව, කොල්පක් ගිවිසුමක් ලබා ගනිමින් යුරෝපානු කලාපයේ සේවය සැපයීම මගින් අදාල අයවලුන් අදාළ සේවා කාලය තුළ යුරෝපානුවන් ලෙස සැලකේ.

කයිල් ඇබට් ගේ ජාත්‍යන්තර තරග තොරතුරු

Mat Inns Balls Runs Wkts BBI BBM Ave Econ SR 4w 5w 10
Tests 10 19 1943 831 39 7/29 9/68 21.30 2.56 49.8 0 3 0
ODIs 28 27 1303 1051 34 4/21 4/21 30.91 4.83 38.3 2 0 0

රිලී රුසෙව් ගේ ජාත්‍යන්තර  තරග තොරතුරු

Mat Inns NO Runs HS Ave BF SR 100 50 4s 6s Ct St
ODIs 36 35 3 1239 132 38.71 1313 94.36 3 7 131 22 22 0
T20Is 15 14 3 327 78 29.72 237 137.97 0 2 29 12 9 0

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]