ජනාධිපතිතුමා අපිට කිව්වා පාර්ලිමේන්තුව විසුරුවන්නේ අගමැතිව බේරගන්න කියලා – ජොන්ස්ටන් ප‍්‍රනාන්දු (VIDEO)

ජනාධිපතිතුමා අපිට කිව්වා පාර්ලිමේන්තුව විසුරුවන්නේ අගමැතිව බේරගන්න කියලා – ජොන්ස්ටන් ප‍්‍රනාන්දු (VIDEO)

කර්තෘ Sakila Udayakumara

03 Jan, 2017 | 8:27 pm

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා ප‍්‍රකාශයක් ලබා දීම සඳහා අද පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණියේ ය.

ඒ, ඇමති ධූරය දැරූ සමයේ මහපොළ අරමුදල පිළිබඳව කෙරෙන පරීක්ෂණයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා යි.

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා මධ්‍ය වෙත සිදුකළ ප්‍රකාශයේ වීඩියෝ පඨය පහතින් නරඹන්න.


මාධ්‍යවේදීන් –

[quote]සරත් අමුණුගම ඇමතිතුමා කියනවා පහුගිය ආණ්ඩුවේ හොරු ටික අල්ලන්න පනතක් ගේනවා කියලා පාර්ලිමේන්තුවට[/quote]

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා –

[quote]අනේ හොඳයි අමුණුගම මහත්මයා හිටියේ ඒ ආණ්ඩුවේ නෙවෙයි වගේ දැන් කතා කරන්නේ. එතකොට අමුණුගම මහත්මයාගෙන් අපි අහනවා ඉන්න ඔක්කොම අය පිරිසිදු අය ද කියලා. අපි කියන්නේ කවුරුත් හොරුයි කියලා. ඔය ඉන්න ඔක්කොම පිරිසිදුයි නම් අමුණුගම මහත්මයාගෙන් අහනවා අගමැති හොරකමට සම්බන්ධ නැද්ද ? ඇයි අගමැතිතුමා ගැන කතා කරන්න එතුමාගේ කට දිව නැවෙන්නේ නැද්ද ? රනිල් වික්‍රමසිංහ මහත්මයා ගැන කතා කරන්න අමුණුගම මහත්මයාට, එතුමාට පෙන්නේ නැද්ද අගමැතිතුමා මේ කරලා‍ තියෙන හොරකම. මහ බැංකු අධිපති කරලා තියෙන හොරකම එතුමාට පේන්නේ නැද්ද? එතුමාගේ ඇස් අන්ධ ද? එක්සත් ජාතික පක්ෂයේ ඇහැ අන්ධ වෙලා අනිත් ඇහෙන් විතර ද පේන්නේ. ඒ නිසා අමුණුගම මහත්මයා කියන ඒවා දැන් ඇත්ත වශයෙන්ම බල රහිතයි. හෙට ඡන්දේ ඉල්ලන්න කියන්න පරාදයි අමුණුගම මහත්මයා[/quote]

මාධ්‍යවේදීන් –

[quote]ඔබතුමා ඔහොම කතා කරාට අයවැය විවාදෙටවත් ආවේ නැහැනේ[/quote]

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා –

[quote]අයවැය විවාදේ ඉන්න දක්ෂ අය දාලා තියෙන්නේ අපි අයවැය විවාදේ කතා කරන්න. හොඳට කතා කරන්න දාලා ඉවර වෙලා දැන් අපි කතා කරන්න අවශය නැහැ දැන්ම. මේ රටේ ජනතාව අපි කියන දේ ඇහුවේ නැහැ. අපි කියන දේවල් අහන්නේ නැතුව ගිහිල්ලා දුන්නා ඡන්දේ. ජනතාවට තේරුම් ගන්න අපි ඉඩ දීලා තියෙනවා. යූ.එන්.පී කාරයන්ට අපි කියනවා එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයින්ට රනිල් වික්‍රමසිංහ මහත්මයා කරන්නේ ප්‍රෝඩාවක් මිතුරෝ හවුලක් ඇමතිවරුන්ට වැඩ කරන්න බැහැ. ඇමතිවරුන්ට හයියක් දෙන්න බැහැ. ඇමතිවරුන් නිකන් ඉන්නේ පඹයෝ හැටියට තියාගෙන් ඉන්නේ. මිතුරෝ තමයි රට පාලනය කරන්නේ. මිතුරෝ තමයි හොරකම් කරන්නේ. මිතුරෝ තමයි හිටියේ මහ බැංකුවේත්. මිතුරෝ තමයි ඇමතිකම්වලට ගෙනත් තියෙන්නෙත්. ජාතික ලැයිස්තුවෙන් ගෙනල්ලා තියෙන්නේ මිතුරෝ. අවුරුදු 70, 75, 80 අය ගෙනල්ලා තියෙන්නේ හොරකම් කරන්න දාගෙන. වෙනදේකට නෙවේ. රෙදි ගලෝගෙන හොරකම් කරනවා. රෙදි ගලෝගෙන ඓහෙම තමයි කෝප් එකේ සම්පූර්ණයෙන්ම මේවා වුණේ. ජනාධිපතිතුමා කිව්වේ ගිය මහ මැතිවරණයේදී මං මේක විසුරවන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයා බේරගන්න කියලා අඬගහලා අපිට කිව්වා. මේ යූ.එන්.පී එකේ ඉන්න මැති ඇමතිවරුන් හොඳට දන්නවා. එයාගේ මිතුරු හවුල මලික් සමරවික්‍රමලා ප්‍රධාන මිතුරු හවුල හොරකමේ යන්නේ කියන එක දන්නවා. ඒ හින්දා යූ.එන්.පී බලාගෙන ඉන්නේ මේ පාර පහර දෙන්න 2001 2004 කරපු එක යූ.එන්.පී එක විනාශ කරනවා. දැන් ආපහු විනාශ කරනවා. ඒ නිසා යූ.එන්.පී මැති ඇමතිවරුන් බර ගාණක් එනවා. ඒක ලියලා තියාගන්න මං කිව්වා කියලා[/quote]

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා මධ්‍ය වෙත සිදුකළ ප්‍රකාශයේ වීඩියෝ පඨය පහතින් නරඹන්න.