මහරාජා එන්ටර්ටෙයින්මන්ට් ඉදිරිපත් කරන ධර්මයුද්ධය චිත්‍රපටය ප්‍ර‍දර්ශනයට සියලු ක‍ටයුතු සූදානම්

මහරාජා එන්ටර්ටෙයින්මන්ට් ඉදිරිපත් කරන ධර්මයුද්ධය චිත්‍රපටය ප්‍ර‍දර්ශනයට සියලු ක‍ටයුතු සූදානම්

මහරාජා එන්ටර්ටෙයින්මන්ට් ඉදිරිපත් කරන ධර්මයුද්ධය චිත්‍රපටය ප්‍ර‍දර්ශනයට සියලු ක‍ටයුතු සූදානම්

කර්තෘ Chathuranga Rajapaksha

01 Jan, 2017 | 11:55 pm

මහරාජා එන්ටර්ටෙයින්මන්ට් නව වසරේ සිංහල සිනමාවට හඳුන්වා දෙන ධර්මයුද්ධය චිත්‍රපටය ප්‍ර‍දර්ශනය සඳහා සියලු ක‍ටයුතු මේ වනවිට සුදානම් කර තිබේ.

අද දින එහි පූර්ව ප්‍ර‍චාරක පටය එළිදැක්විය.

වර්තමානයේ මෙරට ජන ජීවිතයට ඉතාම සමීප තේමාවක් පදනම් කර ගනිමින් මෙය නිර්මාණය වී ඇති අතර දියණියන් දෙදෙනෙකු සිටින පවුලක් විසින් මුහුණ දෙනු ලබන අනපේක්ෂිත සිදුවිම් මාලාවක් ධර්මයුද්ධය චිත්‍රපටයෙන් පිළිබිඹු වේ.

ජැක්සන් ඇන්තනී, දිල්හානි ඒකනායක, කුමාර තිරිමාඳුර, කුසුම් රේණු, ඩග්ලස් රණසිංහ, තිසරි යුවණිකා ඇතුළු ප්‍ර‍වීණ හා ජනප්‍රිය රංගන ශිල්ප ශිල්පිනියන් මෙම සිනමා නිර්මාණය සඳහා රංගන දායකත්වය සැපයීම විශේෂත්වයකි.

ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින් සිංහල සිනමාවෙන් ඈත්ව ගිය වකවානුවක ඔවුන් නැවත සිංහල සිනමාව කරා ඈදා ගැනීමට මෙම නිර්මාණය සමත් වනු ඇතැයි යන්න එහි නිර්මාණකරුවන්ගේ අදහසයි.

මහරාජා එන්ටර්ටෙයින්මන්ට් හි ප්‍ර‍ධාන විධායක නිලධාරී සුසාර දිනාල් මහතා සඳහන් කර සිටියේ මෙරට චිත්‍ර‍පට බෙදා හැරීමේ පවතින ගැටලු හේතුවෙන් චිත්‍ර‍පටය තිරගත වීමට ප්‍ර‍මාද වූ බව ය.

මේ වසරේ මුල භාගයේදී දිවයින පුරා සිනමාහල් වල ධර්මයුද්ධය සිනමා නිර්මාණය ප්‍ර‍දර්ශනය වීමට නියමිත ය.