පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම අද

පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම අද

By Sakila Udayakumara

11 Jan, 2017 | 6:58 am

මේ වසරේ පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම අද සිදු කෙරේ.

එහි ජාතික උත්සවය කිරිබත්ගොඩ විහාරමහාදේවී ජාතික පාසලේදී පැවැත්වේ.

ඒ, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙනි.

අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් අශෝක සේනානි හේවගේ මහතා සඳහන් කළේ, දිවයින පුරා සියලු පාසල්වලට අද දින ළමුන් ඇතුළත් කර ගන්නා බව ය.