VIDEO – ගෙවුණු දින 3 තුළ ඩෙංගු වැළදීමෙන් තිදෙනෙකු මරුට

VIDEO – ගෙවුණු දින 3 තුළ ඩෙංගු වැළදීමෙන් තිදෙනෙකු මරුට

කර්තෘ Hashini De Mel

30 Dec, 2016 | 10:35 pm

ඩෙංගු, අවදානමට පෙර අවධානය යොමු කළ යුතු කාලයකි.

පසුගිය දිනවල ඩෙංගු රෝගය වැළඳීමෙන් මියගිය තිදෙනෙකු පිළිබඳ තොරතුරු අපට වාර්තා විය.

ඩී.එච්.සී. සෙව්වන්දි, 21 හැවිරිදි ඇය ඩෙංගු මාරයාට බිලි වූයේ ඉකුත් 28 වැනිදායි.

පොලිස් අභ්‍යාස විද්‍යාලයේ වසර 1 හමාරක් පුහුණුව ලැබූ සෙව්වන්දි ඉකුත් මාසයේ අග්‍රාමාත්‍ය ආරක්ෂක කොට්ඨාසයට එක්වුණේ දහසක් බලාපොරොත්තු සහිතවයි.

නමුත් නොසිති නිමේෂයක ඇයගේ බලාපොරොත්තු ඩෙංගු මාරයාට බිලිවිය.

අහමදු අදීප් නම් 5 හැවිරිදි කුඩා දරුවාට ජීවිතය අහිමි වූයේ ද ඩෙංගු රෝගය හේතුවෙනි.

පසුගිය 27 වැනිදා එම දරුවා රෝහලට ඇතුළත් කිරිමට මවුපියන් කටයුතු කර තිබුණි.

නමුත් අහමදු ජීවිතයෙන් සමුගත්තේ ඊයේ රාත්‍රියේදී ය.

මේ අතර ඩෙංගු රෝගය වැළඳීමෙන් මිය ගිය 14 හැවිරිදි සෞම්‍යා ලක්මාලිගේ අවසන් කටයුතු හෙට පස්වරුවේ සිදු කිරීමට නියමිත ය.