MUST READ: දෑත් දෙපා නැති යානිස් අපට කියා දෙන උතුම් පාඩම (VIDEO)

MUST READ: දෑත් දෙපා නැති යානිස් අපට කියා දෙන උතුම් පාඩම (VIDEO)

කර්තෘ Kumudu Jayawardana

30 Dec, 2016 | 2:54 pm

“තමන් හිසට තම අත ම ය සෙවණැල්ල” යන කියමන අප කොතෙකුත් අසා තිබේ.

එහෙත්, යම් පුද්ගලයෙකුට දෑත්, දෙපා අහිමි වූ මෙලොවට බිහි වීමට සිදු වුවහොත් ඔහු කෙතරම් අසරණ වේවි ද?

එවන් මිනිසුන් සිඟමන් යදින අවස්ථා කොතෙකුත් දැක ඇතත්, උපතින් ම දෑත්, දෙපා අහිමි පුද්ගලයෙකු තමන් ආබාධිතයෙකු ලෙස නොසලකා සාමාන්‍ය අයෙකු ලෙස සලකන ලෙස සමාජයෙන් ඉල්ලන දිරිමත් මිනිසුන් අතිශය දුර්ලභ ය.

මේ එවන් දුර්ලභ ධෛර්යවන්තයෙකු පිළිබඳව තබන සටහනකි.

“I’m able to perform much better, if you don’t disable me!”
“ඔබ මා ආබාධිතයෙකු ලෙස නොසලකන්නේ නම් මට මීට වඩා දේ කළ හැකි යි”

ඉහත ඇත්තේ, උපතින් ම දෑත්, දෙපා අහිමි යානිස් මැක්ඩේවිඩ්ගේ එක ම ඉල්ලීම යි. ඔහු වෙනත් කිසිවක් සමාජයෙන් නොපතන උතුම් මිනිසෙකි.

ජර්මනියේ බර්ලින් නගරයේ වෙසෙන 25 හැවිරිදි යානිස්, ව්‍යාපාර ආර්ථික විද්‍යාව පිළිබඳ උපාධි ධාරියෙකි.

ඔහු සිය මුව භාවිත කරමින් සටහන් ලිය යි.

එසේ ම, යානිස් මැක්ඩේවිඩ් තනිව මෝටර් රථයක් පදවාගෙන යයි.

janis2

‍එකී ධෛර්යවන්ත උතුම් මිනිසා මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ සිටී.

ඔහු අද Newsfirst පැතිකඩ වැඩසටහනට ද සහභාගි විය. එහිදී, සිය ජීවිතයේ අත්දැකීම් ඔහු බෙදාගත්තේ, මෙලෙසිනි.