විල්පත්තු අභයභූමි ප්‍රදේශය පුළුල් කරමින් වනජීවි කලාපයක් ලෙස ගැසට් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

විල්පත්තු අභයභූමි ප්‍රදේශය පුළුල් කරමින් වනජීවි කලාපයක් ලෙස ගැසට් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

විල්පත්තු අභයභූමි ප්‍රදේශය පුළුල් කරමින් වනජීවි කලාපයක් ලෙස ගැසට් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

කර්තෘ Hashini De Mel

30 Dec, 2016 | 5:02 pm

විල්පත්තු අභයභූමියට අයත් ප්‍රදේශය තව දුරට ත් පුළුල් කරමින් වනජීවි කලාපයක් ලෙස ගැසට් කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පරිසර අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ ය.

ජනාධිපතිතුමා එම උපදෙස් ලබා දී ඇත්තේ, පරිසර අමාත්‍යාංශයට අයත් ආයතන ප්‍රධානීන් සමග අද පෙරවරුවේ පැවති විශේෂ සාකච්ඡාවේදී ය.

තවද විල්පත්තුව ඇතුලු සියලු වනාන්තර නවීන තාක්ෂණය භාවිත කරමින් ගුවනේ සිට නිරන්තරයෙන් නිරීක්ෂණය කළ හැකි වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවන ලෙස ද ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන්නේ .

කුමන අයුරකින් හෝ සිදු කෙරෙන වනාන්තර එළි කිරීම්වලට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන ලෙස ද ජනාධිපතිතුමා මෙහි දී උපදෙස් ලබාදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.

ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ, වනාන්තර එළිපෙහෙලි කිරීම්වලට එරෙහිව දැනට පවතින නීතියේ ඇති දඩ මුදල හා සිර දඩුවම් පුර්ණ ලෙස ක්‍රියාත්මක කරන්නැයි තමන් අධිකරණ සේවා කොමිසන් සභාවෙන් ඉල්ලීමක් කළ බව ය.

මෙහි දී ජනාධිපතිතුමා උපදෙස් දී ඇත්තේ, මන්නාරම හා පුත්තලම දිස්ත්‍රික්කවල සිදුවන වන විනාශයන් පිළිබඳව ඇතැම් පාර්ශව එල්ල කරන චෝදනා පරීක්ෂා කර වාර්තාවක් ලබා දීමට විශේෂ නිරීක්ෂණ කණ්ඩායමක් යොදවන ලෙස ය.