අමෙරිකාව, රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයින් 35ස් දෙනෙකු පිටුවහල් කරයි

අමෙරිකාව, රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයින් 35ස් දෙනෙකු පිටුවහල් කරයි

අමෙරිකාව, රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයින් 35ස් දෙනෙකු පිටුවහල් කරයි

කර්තෘ Sakila Udayakumara

30 Dec, 2016 | 12:09 pm

රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයින් 35ස් දෙනෙකු පිටුවහල් කිරීමට අමෙරිකාව පියවර‍ ගෙන තිබේ.

රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ අවසර ලත් බුද්ධි අංශ නිලධාරීන් 35 දෙනෙකු පිටුවහල් කිරීමට අමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා නියෝග කර තිබේ.

ඒ, ජනාධිපතිවරණය සමයේදී හිලරි ක්ලින්ටන්ගේ මැතිවරණ ව්‍යාපාරයට රුසියාව සයිබර් ප්‍රහාර එල්ල කළ බවට අමෙරිකානු බුද්ධි අංශ විශ්වාස පළ කිරීම යි.

විදෙස් මාධ්‍ය පැවසුවේ, කෙසේ වෙතත් තේරීපත්ව ඇති අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධූරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව මෙම නියෝගය වෙනස් කිරීමට ඉඩ ඇති බව ය.