ඇමරිකානු ඩොලරයේ අගය වැඩි වීමෙන් මෙරට අර්ථිකය අර්බුදයක

ඇමරිකානු ඩොලරයේ අගය වැඩි වීමෙන් මෙරට අර්ථිකය අර්බුදයක

ඇමරිකානු ඩොලරයේ අගය වැඩි වීමෙන් මෙරට අර්ථිකය අර්බුදයක

කර්තෘ Staff writer

24 Dec, 2016 | 11:21 pm

ඇමෙරිකානු ඩොලරට සාපේක්ෂව රුපියලේ අගය පහතවැටීමත් සමග මෙරට ආර්ථිකය අර්බුදකාරි තත්ත්වයකට ගමන් කළ හැකි බව ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

මෙතෙක් වාර්තා වු ඉහළම අගය වාර්තා කරමින් ඇමෙරිකානු ඩොලරයේ අගය රුපියල් 152 ක් දක්වා ඉහළ යයි.


ශ්‍රී ලංකා මහබැංකුව ඊයේ (23) නිකුත්කල විනිමය අනුපාතවලට අනුව අමෙරිකානු ඩොලර් එකකයක විකුණුම් මිල දැක්වුණේ රුපියල් 152.37 ක් ලෙසය.

මේ වසර තුළදි පමණක් 5 % පමණ ඩොලරයේ අගය වර්ධනය වි ඇති බබ ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දේ.

අපනයන අඩුවීමත්, ආනයන වැඩවීමත් හේතුවෙන් මෙසේ ඩොලරයේ අගය ඉහළ යෑම ශ්‍රී ලංකාවට ආර්ථික වශයෙන් වැඩි බලපෑමක් එල්ල කළ හැකි බව ආර්ථික විශ්ලේෂකයින්ගේ අදහසය.

”  අපි විශාල ප්‍රමාණයක් ආනයනය කරනවා ආනයන වල මිල නගිනවා. අපේ ඛනිජතෙල් ටික කිරි පිට ටික මේ සියල්ල අපි ආනයනය කරනවා. ඒවායේ මිල ඉහළ ගියොත් මේ රට තුළ නැවත වතාවක් උද්ධමනයකාරි පරිසරයක් ඇතිවෙන්න පුලුවන් . ඒකෙන් මිල ස්ථායිතාව කඩා වැටෙන්න පුලුවන්. ”
” සමස්ත ආර්ථික වියදම ගත්තොත් මේ ආර්ථික වියදමෙන් මුලු වියදමෙන් අපි සියයට තිස්තුනයි දශම හයක් වියදම් කරන්නේ ණය පොලි ගෙවන්න.  මුලු රජයේ සේවකයින්ටම වැටුප් හා විශ්‍රාම වැටුප් ඇතුළු සියල්ල වෙනුවෙන් අපි වියදම් කරනවා සියයට තිස්තුනයි දශම පහක් විතර. හැබැයි ඊට වඩා වැඩි ප්‍රමාණයක් අපි පොලි ගෙවන්න වියදම් කරනවා.  ඩොලර් එක සියයට 10 කින් වැඩි වුනොත් ඒකෙන් අපි තේරුම් ගන්න ඕන තව බිලියන 14 ක 15 ක අතිරේක වැය බරක් අපිට එනවා.  ඒක මේ රටේ ආර්ථික අස්ථාවර කරන්න හේතුවෙන්න පුලුවන්. අපි වෙන්කල මුදල ප්‍රමාණවත් නැ ඉදිරි වර්ෂයේ ණය ගෙවන්න.  එකපැත්තකින් රටේ වෙළදපොල මිල ගණන් ඉහළ යන්න පුලුවන්.” – අචාර්ය අමින්ද මෙත්සිල – ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය (ව්‍යාපාර අධ්‍යයන හා මූල්‍ය කළමනාකරණ පීඨය – වයඹ විශ්වවිද්‍යාලය)

මෙම තත්ත්වය ආනයන ක්ෂේත්‍රෙය් සිටින ව්‍යාපාරිකයින්ටද දැඩි බලපෑමක් එල්ල කර තිබේ.

” විදේශ මුදල් ඒකකය ඉහල යන්න යන්න තව ගොඩක් වාහන ආනයනය ගොඩක් දුරට තව සීමාවේ අඩුවෙයි. ඒ එන හැම ආනයනික භාණ්ඩයකටම මේ වැඩිවෙන හැම ප්‍රතිශතයක්ම ඉහළ යනවා.  අපි කියන්න ඕන දැන් ඇත්තටම පාරිභෝගිකයන්ට වාහනයක් ගන්න ඕන වුනොත් වෙළදපොලේ තිබෙන මිලත් එක්ක ස්ථාවරයි. ඒක ඒකත් එක්ක ගන්න එක තමයි ස්ථාවර. තමුන් ආනයනය කිරීමට බලාපොරොත්තු වුනොත් මේ කාලේ අවධානමක් තිබෙනවා විදේශ මුදල් සංචිත ඉහල යෑමේ ඒ අවධානමින් මිදිලා. හොදමදේ තමයි වෙළදපොලෙන් වාහනයක් ගන්න එක. මොකද ගෙන්වීමේදී ලොකු අවධානමක් පාරිභෝගිකයාට ලක්වෙනවා.  දැන් අද බොහොම නරක තත්වයක් තිබෙනවා අපේ වාහන කේෂ්ත්‍රයේදී පිරිවැයටත් වාහන විකුනන්න අමාරු තත්වයක් දැනට උද්ගත වෙලා තිබෙනවා. ” – ඉන්දික සම්පත් – සභාපති (වාහන ආනයනකරුවන්ගේ සංගමය)

ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ ඩොලරයේ අගය තවදුරටත් ඉහළ යා හැකි බැවින් ඊට විසදුම් සෙවීමට ආණ්ඩුව මැදිහත්විය යුතු බවයි.

” රටේ මුල්‍ය ප්‍රතිපත්ති සම්පාදකයෝ තේරුම් ගන්න ඕන කරන්සි එක කොහොමද පාලනය කරන්නේ කියලා. මේක එක පැත්තකින් අපිට අභියෝගයක්. අනිත් පැත්තෙක් අපිට අවස්ථාවක්. අවස්ථාව තමයි මේ තමයි අපිට හොදම අවස්ථාව අපේ අපනයන දිරි ගන්වන්න. සංචාරක ව්‍යාපාරය ආකර්ශනය කරගන්න. ඩොලර් ලංකාවට එන ක්‍රමයක් ගැන අලුත් ප්‍රතිපත්ති හදන්න.” – අචාර්ය අමින්ද මෙත්සිල – ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය  (ව්‍යාපාර අධ්‍යයන හා මූල්‍ය කළමනාකරණ පීඨය – වයඹ විශ්වවිද්‍යාලය )

මේ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හදුන්නෙත්ති මහතා ඊයේ මහනුවර පැවති උත්සවයකදි අදහස් පළ කළේය.

” අද බරපතල ආර්ථික අර්බුදයකට රට ගමන් කරමින් තියෙනව. වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිසා අද වෙනකොට මේ අපි කතා කරන දවස වෙනකොට ලංකාවේ ඩොලරක් මිලදි ගන්න අපි ගෙවන්න ඕන රුපියලේ ප්‍රමාණය ඩොලරයේ රුපියලේ වටිනාකම ගත්තොත් රුපියල් 150 ඉක්මවා ගිහින් තියෙනව. රුපියල බාල්දු වෙනව කියන්නෙ මොකද්ද ජනතාවගේ ජීවිත බාල්දු වෙන්නෙ. පහුගිය අවුරුද්දෙ මාස 7ට විතරක් රුපියල බාල්දු වීම නිසා ගෙවන්න සිද්ද වුණා බිලයන 141ක් කෝටි 14000ක් ඒ මොකටද කාල බීල නෙවෙයි ඇදල පැළදල නෙවෙයි මේත්හේත් අරන් නෙවෙයි ඉස්කොලේ හදල නෙවෙයි. ” – සුනිල් හදුන්නෙත්ති – පා.ම ( ජනතා විමුක්ති පෙරමුණ )