මඩකලපුවට ගසාගෙන ආ ගුවන් යානා කොටස කුමන යානයේ ද? (VIDEO)

මඩකලපුවට ගසාගෙන ආ ගුවන් යානා කොටස කුමන යානයේ ද? (VIDEO)

කර්තෘ Kumudu Jayawardana

23 Dec, 2016 | 4:24 pm

මඩකලපුව, කලවංචිකුඩි, කළුදාවලෙයි වෙරළ තීරයට ගසාගෙන ආ ගුවන් යානයක කොටස් පිළිබඳව මේ වන විට ත් මූලික පරීක්ෂණ සිදු කර තිබේ.

මේ වන විට තහවුරු වී ඇත්තේ, එම ගුවන් යානා කොටස රුසියාවේ නිෂ්පාදිත ගුවන් යානයක ඉදිරිපස කොටසේ ආවරණයක් බව ය.

කෙසේ වෙතත්, නිෂ්චිත වශයෙන් එය කුමන ගුවන් යානයේ කොටසක් ද යන්න මෙතෙක් තහවුරු වී නොමැත.

MH370

2014 වසරේ මාර්තු මස 8 වන දා ඉන්දීය සාගර කලාපයේදී පුද්ගලයින් 239 දෙනෙකු සමග MH370 නමැති මැලේසියානු ගුවන් සමාගමට අයත් ගුවන් යානය අතුරුදන් විය.

මෙතෙක්, ඒ පිළිබඳව කිසිදු හෝඩුවාවක් ලැබී නොමැත.

ඇන්ටෙනොව්

මේ අතර, රුසියාවේ නිෂ්පාදිත අන්ටෙනොව් ගුවන් යානා ද කඩා වැටී තිබේ.

මෙම කොටස් කුමන් ගුවන් යානයකට අයත් වූවක් ද යන්න පිළිබඳව පරීක්ෂණ තවදුරටත් පැවැත්වේ.

කළුදාවලෙයි වෙරළ තීරය

මෙම පසුබිම තුළ අදාළ ගුවන් යානා කොටස මඩකලපුව, කලවංචිකුඩි, කළුදාවලෙයි වෙරළ තීරයට ගසාගෙන ආවේ අද පෙරවරුවේ යි.

ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ, අද පෙරවරුවේ මේ සම්බන්ධයෙන් ලැබුණු තොරතුරකට අනුව පරික්ෂණ ආරම්භ කළ බව ය.

ඒ සඳහා නාවික හමුදාව සහ ගුවන් හමුදාව දැනුවත් කර ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]