සා/පෙළ විභාගය අවසන්

සා/පෙළ විභාගය අවසන්

කර්තෘ Hashini De Mel

17 Dec, 2016 | 10:39 pm

විභාග මධ්‍යස්ථාන 5669 කදී පැවැත්වුණු අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අදින් අවසන් විය.

ඉකුත් 06 වෙනිදා ආරම්භ කෙරුණු එම විභාගයට අපේක්ෂකයින් ලක්ෂ 07ක් පමණ පෙනී සිටි අතර එය විභාග ඉතිහාසය තුළදී වාර්තා වූ වැඩිම අපේක්ෂකයින් සංඛ්‍යාව වේ.

මේ අතර අද දින සාමාන්‍ය පෙළ විභාගය අවසන් වීමෙන් පසු කලහකාරී ලෙස හැසිරෙන සිසුන් අත්අඩංගුවට ගන්නා ලෙස පොලීසියට උපදෙස් දුන් බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ.පුෂ්පකුමාර මහතා පවසුවේ ය.

ඔහු පෙන්වා දුන්නේ, ඇතැම් සිසුන් විභාගය අවසන්වීමෙන් පසු කලබලකාරී ලෙස හැසිරුනු බවට වන සිද්ධින් මීට පෙර වාර්තා වීම හේතුවෙන් මෙම පියවර ගත් බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]