එක්සත් ජාතීන්ගේ නව මහ ලේකම් අන්තෝන්යෝ ගුටෙරෙෂ් දිවුරුම් දෙයි

එක්සත් ජාතීන්ගේ නව මහ ලේකම් අන්තෝන්යෝ ගුටෙරෙෂ් දිවුරුම් දෙයි

එක්සත් ජාතීන්ගේ නව මහ ලේකම් අන්තෝන්යෝ ගුටෙරෙෂ් දිවුරුම් දෙයි

කර්තෘ Sakila Udayakumara

13 Dec, 2016 | 4:17 pm

එක්සත් ජාතීන්ගේ මීලඟ මහ ලේකම්වරයා ලෙස අන්තෝන්යෝ ගුටෙරෙෂ් දිවුරුම් දී තිබේ.

වත්මන් මහ ලේකම් බැන් කී මූන්ගෙන් පසු මීලඟ පස් වසර සඳහා ගුටෙරෙෂ් වැඩ භාර ගන්නේ, ජනවාරි 01 වැනිදා ය.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතමින් අන්තෝන්යෝ ගුටෙරෙෂ් කියා සිටියේ, වැඩි කාර්යක්‍ෂමතාවක් සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රතිසංස්කරණයට ලක් කළ යුතු බව ය.

එක්සත් ජාතීන්ගේ මීලඟ මහ ලේකම්වරයා ලෙස තේරී පත් වුණු අන්තෝන්යෝ ගුටෙරෙෂ් පෘතුගාලයේ හිටපු අග්‍රාමාත්‍යවරයා ද වේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]