මීටියාගොඩදී වෙඩි තැබීමකින් තිදරු පියෙකු මරුට

මීටියාගොඩදී වෙඩි තැබීමකින් තිදරු පියෙකු මරුට

කර්තෘ Hashini De Mel

12 Dec, 2016 | 4:35 pm

මීටියාගොඩ මංසන්ධියේදී සිදු වූ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙකු මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ මීටියාගොඩ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 45ක තිදරු පියෙකි.

පොලීසිය සඳහන් කළේ, මීටියාගොඩ මංසන්ධියේ ඇති පළතුරු වෙළදසැලක් පවත්වාගෙන ගිය ව්‍යාපාරිකයෙකුට අද උදෑසන 10. 30ට පමණ කිසියම් පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කොට ඇති බව ය.

පොලීසිය සැක කරනු ඇත්තේ, මේ සඳහා T 56 ගිනි අවියක් යොදාගෙන ඇති බව ය.

මීටියාගොඩ පොලීසිය මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]