ජාත්‍යන්තර මානව හිමිකම් දිනය අදයි

ජාත්‍යන්තර මානව හිමිකම් දිනය අදයි

ජාත්‍යන්තර මානව හිමිකම් දිනය අදයි

කර්තෘ Sakila Udayakumara

10 Dec, 2016 | 7:08 am

ජාත්‍යන්තර මානව හිමිකම් දිනය අදට යෙදී තිබේ.

මෙවර එහි තේමාව වී ඇත්තේ, තව ත් අයෙකුගේ මානව හිමිකම් රැකගැනීම සඳහා නැගී සිටිමු යන්න යි.

1950 වසරේ පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේදී දෙසැම්බර් 10 වන දා ජාත්‍යන්තර මානව හිමිකම් දිනය ලෙස ප්‍රකාශයට පත් කළේ ය.

රටක නීතියෙන් සහ අන්තර්ජාතික නීතිය මගින් නෛතික අයිතිවාසිකම් ලෙස නිරතුරුව පිළිගැනෙන සදාචාරාත්මක ප්‍රතිපත්තීන් මානව හිමිකම් ලෙස අර්ථකතනය කළ හැකි ය.

ඒ සඳහා පුද්ගලයෙකුගේ ආගම, ජාතිය, පදිංචිය, සමේ වර්ණය, වත්කම් යනාදී කිසිවක් බලනොපායි.

මෙවර ජාත්‍යන්තර මානව හිමිකම් දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බැන් කී මූන් පවසන්නේ, මානව හිමිකම් රැකගැනීම හරහා පුද්ගල දියුණුව සේම ලෝකයක් ලෙස එක්සත්ව ඉදිරියට යාමට හැකි වන බව ය.

ලෝකය ම මනුෂ්‍යත්වයේ පක්ෂයට ඉඩ දිය යුතු බව ජාත්‍යන්තර මානව හිමිකම් දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු පවසයි.

මේ අතර වර්තමානයේ මෙරට මානව හිමිකම් තත්ත්වය පිළිබඳව සතුටු විය හැකි බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු සභාපති නීතිඥ ප්‍රතිභා මහානාමහේවා මහතා පවසයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]