අරලගංවිලදී වන අලි ප්‍රහාරයකින් දෙදරු පියෙක් මරුට

අරලගංවිලදී වන අලි ප්‍රහාරයකින් දෙදරු පියෙක් මරුට

කර්තෘ Hashini De Mel

10 Dec, 2016 | 4:51 pm

අරලගංවිල, ගල්තලාව ප්‍රදේශයේදී ඊයේ මධ්‍යම රාත්‍රීයේදී වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්විය.

මෙලෙස ජීවිතක්ෂයට පත් වී ඇත්තේ අරලගංවිල, ගල්තලාව ප්‍රදේශයේ පදිංචිව සිටි වයස 46 හැවිරිදි දෙදරු පියෙකි.

රාත්‍රීයේ සේවය නිමවා නිවසට යතුරු පැදියකින් පැමිණීමේදී ඊයේ මධ්‍යම රාත්‍රීයේදී මෙම වන අලි ප්‍රහාරයට ලක්වි ඇත.

ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබු පුද්ගලයා අරලගංවිල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්විය.

මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිත ය.

දේවගල රක්ෂිතයේ සිට පැමිණෙන වන අලි හේතුවෙන් මෙලෙස තමන් පීඩාවට පත්වි ඇතැයි ප්‍රදේශවාසින් ද පැවසුහ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]