English
தமிழ்
කර්තෘ Hashini De Mel
07 Dec, 2016 | 10:19 pm
හම්බන්තොට මාගම් රුහුණුපුර වරායේ සේවකයින් ආරම්භ කළ වැඩ වර්ජනය හෙට මධ්‍යහන 12 දක්වා දිර්ඝ කර තිබේ.
මාගම් රුහුණුපුර වරාය චීන සමාගමකට භාරදීමෙන් අවදානමක් මතුවිය හැකි බව මේ සේවකයෝ පවසා සිටියහ.
2013 සිට මාගම්පුර වරායේ සේවයකයින් පිරිස 400 කට වැඩි ය.
මෙම ඉල්ලීම් සේවකයින් විසින් ලිඛිතව ජනාධිපති ලේකම් කාර්යාලයට, අගමැති කාර්යාලයට හා විෂය භාර අමාත්‍යංශය වෙත දැනුම් දුන්නේ සවස 3.00 ට ලිඛිත පිළිතුරක් අපේක්ෂාවෙනි.
නිසි පිළිතුරක් නොලැබුණු හෙයින් ඔවුන් වරාය භූමිය තුළ සියලුම මාර්ග හා ප්‍රධාන පිවිසුම් මාර්ගය අවහිර කරමින් නැවතත් විරෝධතාව ආරම්භ කළේ ය.
මාගම්පුර වරාය සාමාන්‍යාධිකාරි සරත් පෙරේරා මහතා පැවසුවේ, කෑම පැයේදී විරෝධතාවට ගිය සේවකයින් යළි සේවයට වාර්තා නොකළ බවයි.
මේ හේතුවෙන් වරාය කටයුතු සියල්ලම අඩපණ වී ඇති බව ද ඔහු සඳහන් කළේ ය.
හම්බන්තොට මාගම්පුර වරාය මුහුණපා ඇති තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අධ්‍යක්ෂක මණ්ඩලය හදිසි රැස්වීමක් පැවැති බව ආරංචි මාර්ග පවසා ඇත.
17 Jul, 2018 | 10:38 PM
01 May, 2018 | 06:40 AM
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS