ආගමික සංහිඳියාව ගොඩනැගීමට ජනපතිගෙන් විශේෂ ක්‍රියාකාරී කමිටුවක්

ආගමික සංහිඳියාව ගොඩනැගීමට ජනපතිගෙන් විශේෂ ක්‍රියාකාරී කමිටුවක්

ආගමික සංහිඳියාව ගොඩනැගීමට ජනපතිගෙන් විශේෂ ක්‍රියාකාරී කමිටුවක්

කර්තෘ Sakila Udayakumara

07 Dec, 2016 | 7:12 am

ආගමික සංහිඳියාව ‍ගොඩනැගීමේ රජයේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂ ක්‍රියාකාරී කමිටුවක් පත් කර තිබේ.

ආගමික සංහිඳියාව පිළිබඳ සර්ව ආගමික නායකයින් සමග ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම කමිටුව පත් කළේ ය.

සියලු ආගම් අතර අන්‍යෝන්‍ය අවබෝධය වර්ධනය කිරීමේ රජයේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාම සඳහා පූර්ණකාලීනව කටයුතු කිරීම මෙම කමිටුවේ අරමුණ යි.

බුද්ධ ශාසන, ක්‍රිස්තියානි හා හින්දු ආගමික කටයුතු සහ මුස්ලිම් ආගමික කටයුතු යන අමාත්‍යංශවල ලේකම්වරුන් විසින් නම් කරනු ලබන විශේෂ නියෝජිතයින්ගෙන් මෙම කමිටුව සමන්විත වනු ඇති.

ආගමික සංහිඳියාවට තර්ජනයක් වන අයුරින් රට තුළ මතුව ඇති ගැටලුවලට අන්තර් ආගමික මණ්ඩලයක් මගින් විසඳුම් සෙවීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]