තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරිය අභාවප්‍රාප්ත වෙයි

තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරිය අභාවප්‍රාප්ත වෙයි

තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරිය අභාවප්‍රාප්ත වෙයි

කර්තෘ Sagarika Chathumali

06 Dec, 2016 | 8:31 am

අභාවප්ප්‍රාප්ත තමිල්නාඩු මහ ඇමතිනි ජයලලිතා ජෙයරාම්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව අද පස්වරුවේ සිදු කිරීමට නියමිත බව ඉන්දීය වාර්තා කර තිබේ.

තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය ජයලලිතා ‍ජෙයරාම් ඊයේ රාත්‍රී අභාවප්ප්‍රාප්ත වූව‍ෙය.

ප්‍රධාන අමාත්‍යවරියගේ මරණය සම්බන්ධයෙන් ඉන්දීය මාධ්‍ය විටින් විට විවිධ තොරතුරු වාර්තා කළ ද ඇය ප්‍රතිකාර ලබමින් සිටි චෙන්නායි හි පෞද්ගලික රෝහලේ බලධාරීන් පැවසුවේ, දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය ප්‍රධාන අමාත්‍යවරිය ඊයේ රාත්‍රි 11. 30ට පමණ මියගිය බව ය.

මිය යන විට 68 වන වියේ පසු වු ජයලලිතා ජෙයරාම් පසුගිය සැප්තැම්බර් මස 22 දා රෝහල්ගත කෙරුණේ, උණ සහ විජලන තත්ත්වයන් හේතුවෙනි.

මාස දෙකකට අධික කාලයක් නේවාසිකව ප්‍රතිකාර ලැබූ ඇයට පසුගිය ඉරිදා ඇති වූ හෘදයාබාදයක් හේතුවෙන් ඊයේ පෙරවරුවේ හදවත් සැත්කමකට ද භාජනය කෙරිණ.

තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය ජයලලිතා ජෙයරාම්ගේ දේහය මේ වන විට චෙන්නායිහි පිහිටි ඇයගේ නිල නිවස වන බෝයස් ගාර්ඩ්න්හි තැන්පත් කර තිබේ.

ඉන් අනතුරුව මහජන ගෞරවය සඳහා ඇයගේ දේහය චෙන්නායිහි පිහිටි රාජායි ශාලාවේ තැන්පත් කිරීමට නියමිත ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]