වර්ජනය මැද ගල් ප්‍රහාරයකින් මගී ජීවිතයක් අනතුරේ (VIDEO)

වර්ජනය මැද ගල් ප්‍රහාරයකින් මගී ජීවිතයක් අනතුරේ (VIDEO)

කර්තෘ Sakila Udayakumara

03 Dec, 2016 | 9:06 pm

බස් වර්ජනය මැද පොදු ජන යහපත උදෙසා ධාවනය වූ බස් රථවලට එල්ල වූ ප්‍රහාරවලින් අනුරාධපුරයේ මගියෙකු ජීවිත අවදානමකට මුහුණ දී සිටියි.

යාපනය සිට මහනුවර බලා ධාවනය වූ ලංගම බස් රථයකට ඊයේ රාත්‍රී 9.30ට පමණ මැදවච්චිය ඉකිරි ගොල්ලෑව ප්‍රදේශයේදී ගල් ප්‍රහාරයක් එල්ල විය.

එම ගල බස් රථයේ සිටි මගියෙකුගේ හිසේ වැදීම හේතුවෙන් ඔහු අනුරාධපුර ශික්ෂණ රෝහලේ ස්නායු ශල්‍ය දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරිණි.

මේ අවාසනාවන්ත තත්ත්වයට මුහුණ පෑවේ, කරෙයිනගර් හමුදා කඳවුරේ සෙබළෙකි.

ඔහු නිවාඩු ලබා නාවලපිටියේ පිහිටි සිය නිවස බලා යන අතරතුර මෙම ප්‍රහාරයට ලක් විය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]