පෞ. බස් වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

පෞ. බස් වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

පෞ. බස් වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

කර්තෘ Sagarika Chathumali

03 Dec, 2016 | 7:40 am

පෞද්ගලික බස් සේවකයින් ආරම්භ කර තිබූ වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබේ.

පෞද්ගලික බස් සංගම් නියෝජිතයින් පැවසුවේ, අද උදෑසන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ සාකච්ඡාවක් පැවැත්වෙන බැවින් වර්ජනය තාවකාලිකව අත්හිට වූ බව ය.

සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය, අන්තර් පළාත් බස් හිමියන්ගේ සංගමය සහ දකුණු පළාත් බස් හිමියන්ගේ සංගමය නියෝජනය කරමින් නියෝජිතයින් 20 දෙනෙකු ජනපති සමග පැවැත්වෙන සාකච්ඡාවට සහභාගී වීමට නියමිත ය.

ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා සඳහන් කළේ බස් සේවකයින්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී තීරණයක් ගැනීමට නියමිත බව ය.

පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට පෞද්ගලික බස් රථ සේවකයින් වර්ජනයක නිතර වුණේ රථ වාහන වැරදි සම්බන්ධයෙන් පනවන දඩ මුදල ඉහළ දැමීමේ තීරණයට විරෝධය පළ කරමිනි.

මේ අතර වර්ජනය පැවති ඊයේ දිනයේ මගී ප්‍රවාහනයේ නිරත වූ ලංගම බස් රථ 60 කට අධික සංඛ්‍යාවකට ප්‍රහාර එල්ල වී ඇතැයි ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී රාජා ගුණතිලක සඳහන් කළේ ය.
මේ අතර මීගමුව -කොළඹ ප්‍රධාන මාර්ගය සහ පුත්තලම දුම්රිය මාර්ගය ගල්කන්ද ප්‍රෙද්ශයෙන් හරස් කරමින් විරෝධතාවයේ නිරත වු 18 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

පොලීසිය සඳහන් කළේ, ත්‍රිරෝද රථ 12 ක් සහ බස් රථයක් ද ඔවුන් සමඟ අත්අඩංගුවට ගත් බව ය.

සැකකරුවන් අද මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිත ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]