පාරිභෝගික නීති කැඩූ වෙළෙඳුන් 1423කට නඩු

පාරිභෝගික නීති කැඩූ වෙළෙඳුන් 1423කට නඩු

පාරිභෝගික නීති කැඩූ වෙළෙඳුන් 1423කට නඩු

කර්තෘ Sagarika Chathumali

03 Dec, 2016 | 7:35 am

ගත වූ නොවැම්බර් මාසය තුළ පාරිභෝගික නීති උල්ලංඝනය කරමින් භාණ්ඩ අළෙවි කළ වෙළෙඳුන් 1423 දෙනෙකුට නඩු පවරා තිබේ.

භාරිභෝගික සේවා අධිකාරියේ උසස් නිලධාරිනියක සඳහන් කළේ, ගත වූ මාසය තුළ පමණක් වැටලීම් 2,108 ක් සිදු කළ බව ය.

මේ අතර එළැඹෙන උත්සව සමය වෙනුවෙන් සති අන්ත දිනවලදී දිවයින පුරා වැටලීම් සිදු කිරීමට විශේෂ වැටලීම් ඒකක ක්‍රියාත්මක බව ද පාරිභෝගික සේවා අධිකාරිය පවසයි.

කල් ඉකුත් වූ භාණ්ඩ අලෙවිය, පාලන මිල ඉක්මවා භාණ්ඩ අලෙවි කිරීම ආදී වූ නීති කඩ කරන වෙළඳුන් සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට දුරකතන අංකයක් ද හඳුන්වා දී තිබේ.

රිය අනතුරු අවම කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය හා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රටවල් 10 ක නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් විශේෂ ව්‍යාපෘති සැලැස්මක් සකස් කිරීමට මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව සූදානම් වේ.

එහි සභාපති ආචාර්ය සිසිර කෝදාගොඩ මහතා සඳහන් කලේ ඊට සහභාගී වන විදෙස් නියෝජිතයින් පිරිස මේ වන විට දිවයිනට පැමිණ සිටින බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]