ප්‍රවාහන සේවයේ ගැටලු සෙවීමට ජනපති කමිටුවක් පත් කරයි

ප්‍රවාහන සේවයේ ගැටලු සෙවීමට ජනපති කමිටුවක් පත් කරයි

ප්‍රවාහන සේවයේ ගැටලු සෙවීමට ජනපති කමිටුවක් පත් කරයි

කර්තෘ Sagarika Chathumali

03 Dec, 2016 | 11:38 am

පොදු ප්‍රවාහන සේවයේ උද්ගතව ඇති ගැටලු පිළිබඳ සොයා බලා විසඳුම් ලබාදීමට ජනාධිපතිතුමාගේ උපදෙස් මත මණ්ඩලයක් පත්කර තිබේ.

ප්‍රවාහන හා නීති පාර්ශව නියෝජනය කරන පිරිසක් එම මණ්ඩලයට ඇතුළත් ය.

මෙම මණ්ඩලය ලබන සඳුදා සිට ක්‍රියාත්මක වනු ඇති.

මණ්ඩලය පත් කිරීමේ මෙම තීරණය ගනු ලැබුවේ, අද පෙරවරුවේ බස් සංගම් නියෝජීතයින් සමග ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමග පැවති සාකච්ඡාවකදී ය.

මේ අතර වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට පෞද්ගලික බස් සංගම් තීරණය ජනපති සමග සාකච්ඡාවට පෙර සිය වර්ජනය අත්හිටුවීමට බස් සංගම් තීරණය කළේ ය.

කෙසේ වෙතත් අද දිනයේ ද පළාත් රැසක පෞද්ගලික බස්රථ ධාවනයේ අඩුවක් දක්කනට ලැබෙන බව අප වාර්තාකරුවෝ පවසති.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]