වසරක සිර දඬුවමින් පසුව කුමාර් ගුණරත්නම් නිදහස් වෙයි

වසරක සිර දඬුවමින් පසුව කුමාර් ගුණරත්නම් නිදහස් වෙයි

වසරක සිර දඬුවමින් පසුව කුමාර් ගුණරත්නම් නිදහස් වෙයි

කර්තෘ Sakila Udayakumara

02 Dec, 2016 | 12:38 pm

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් මහතා අද දහවල් සිය දඬුවම් කාලය නිම වීමෙන් පසු අනුරාධපුර බන්ධනාගාරයෙන් පිටව ගියේ ය.

ඔහු එලෙස සිරගතව සිටියේ, වලංගු වීසා  නොමැතිව මෙරට රැඳී සිටීමේ වරදට ය.

ඊ‍ට අදාළව කෑගල්ල අධිකරණය මගින් වසරක සිර දඬුවමක් ඉකුත් මාර්තු මස 31 වන දා ඔහුට නියම කළේ ය.

වීසා නොමැති වීම හේතුවෙන් කුමාර් ගුණරත්නම් අත්අඩංගුවට පත් වුණේ, පසුගිය වසරේ නොවැම්බර් 4 වන දා ය.

අනතුරුව පැවති නඩු විභාගයකින් අනතුරුව ඔහුට සිර දඬුවම් නියම කෙරිණි.

නිදහස් වීමෙන් පසුව කුමාර් ගුණරත්නම් පැවසුවේ කුමක් ද ?

වීඩියෝව පහතින් නරඹන්න