යාපනය සරසවියේ සිසුන් මියයාම: පොලිස් නිලධාරීන් 5 දෙනා රිමාන්ඩ්

යාපනය සරසවියේ සිසුන් මියයාම: පොලිස් නිලධාරීන් 5 දෙනා රිමාන්ඩ්

යාපනය සරසවියේ සිසුන් මියයාම: පොලිස් නිලධාරීන් 5 දෙනා රිමාන්ඩ්

කර්තෘ Hashini De Mel

02 Dec, 2016 | 5:28 pm

යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් 05 දෙනා යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 16 වන දා දක්වා රක්ෂිත බන්ධනගාරගත කෙරිණි.

මෙය අනතුරක් බවට පවසන ලෙසට පොලීසිය තමන්ට දැනුම් දුන් බව එහිදී මියගිය සිසුන්ගේ දෙමව්පියන්ට පවසා ඇති බව ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට දැනුම් දුන්නේ ය.

ඒ, පිළිබඳ විමර්ශනය කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]