කුමාර් ගුණරත්නම් නිදහස් කරන ලෙස ඉල්ලමින් නිට්ටඹුවේදී සත්‍යග්‍රහයක්

කුමාර් ගුණරත්නම් නිදහස් කරන ලෙස ඉල්ලමින් නිට්ටඹුවේදී සත්‍යග්‍රහයක්

කර්තෘ Hashini De Mel

22 Nov, 2016 | 4:35 pm

පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් නිට්ටඹුව නගරයේදී සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබේ.

ඒ, පෙරටුගාමී සමාජවාදී පක්ෂ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් මහතා නිදහස් කරන ලෙස ඉල්ලමිනි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂ ක්‍රියාකාරීන් විසින් නිට්ටඹුවේ ඔරලෝසු කණුව ඉදිරිපිටදී මෙම සත්‍යග්‍රහ ව්‍යාපාරය ආරම්භ කළේ ය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් මහතාට ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය සහ දේශපාලනය කිරීම සඳහා අවසර ලබා දෙන ලෙස ඉල්ලමින් මෙම සත්‍යග්‍රහ ව්‍යාපාරය සංවිධානය කර තිබුණි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]