සාලාව පිපිරීමෙන් හානියට පත් නිවාස හිමිකරුවන් කොටුවේදී විරෝධතාවක

සාලාව පිපිරීමෙන් හානියට පත් නිවාස හිමිකරුවන් කොටුවේදී විරෝධතාවක

කර්තෘ Hashini De Mel

17 Nov, 2016 | 5:32 pm

කොස්ගම, සාලාව යුද හමුදා කඳවුරේ පිපිරීමෙන් හානියට පත් නිවෙස් හිමිකරුවන් අද පෙරවරුවේ කොළඹ කොටුවට පැමිණ විරෝධතාවයේ නිරත විය.

මේ හේතුවෙන් කොළඹ, කොටුව ලෝටස් වටරවුම් ප්‍රදේශය ද අද පස්වරුවේ අවහිර විය.

මේ අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය පීඨ සිසුන් ද අද විරෝධතාවක නිරත විය.

මෙම විරෝධතාව පැවැත්වුණේ  විශ්වවිද්‍යාලයේ සනාථන මන්දිරය ඉදිරිපිටදී ය.

ඔවුන් ඉල්ලා සිටින්නේ තම පීඨයේ සිසුන්ට සායනික පුහුණුව ලබා දෙන ලෙස ය.

ඔවුන් ශිෂ්‍ය සංගම් සභාපතිවරයාගේ පන්ති තහනම ඉවත් කරන ලෙස ද ඉල්ලා සිටිය හ.