මාලදිවයිනේ ධනවතුන්ට ගණිකාවන් ලෙස ලක් කතුන් විකුණූ මහා පරිමාණ ජාවාරමක තතු හෙළිවෙයි

මාලදිවයිනේ ධනවතුන්ට ගණිකාවන් ලෙස ලක් කතුන් විකුණූ මහා පරිමාණ ජාවාරමක තතු හෙළිවෙයි

මාලදිවයිනේ ධනවතුන්ට ගණිකාවන් ලෙස ලක් කතුන් විකුණූ මහා පරිමාණ ජාවාරමක තතු හෙළිවෙයි

කර්තෘ Sagarika Chathumali

17 Nov, 2016 | 9:56 am

මාලදිවයිනේ සුපිරි ධනවතුන්ට ගණිකාවන් ලෙස ශ්‍රී ලාංකික කාන්තාවන් සැපයීමේ මිනිස් ජාවාරමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

විදේශ රැකියා අමාත්‍යාංශය පැවසුවේ, විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ලද තොරතුරකට අනුව කළ වැටලීමකදී බත්තරමුල්ලේදී ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව ය.

ජාවාරම්කරුවන් මේ වන විට කාන්තාවන් 100කට ආසන්න පිරිසක් එලෙස මාලදිවයින වෙත යවා ඇතැයි ද හෙළි වී තිබේ.

විමර්ශනවලදී තහවුරු වී ඇත්තේ අදාළ කාන්තාවන් සංචාරක වීසා මත මාලදිවයිනට පිටත්කර හැර ඇති බව ය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ඊයේ රාත්‍රියේම කඩුවෙල මහේස්ත්‍රාත්වරයා හමුවට පමුණුවා තිබේ.

එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ ලබන 21 වන දා දක්වා සැකකරුවන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ය.