පාලන මිලට ඖෂධ ලබා නොදෙන ඖෂධ අලෙවිසැල් 180 ක් පිළිබඳ පැමිණිලි

පාලන මිලට ඖෂධ ලබා නොදෙන ඖෂධ අලෙවිසැල් 180 ක් පිළිබඳ පැමිණිලි

කර්තෘ Hashini De Mel

17 Nov, 2016 | 6:04 pm

ඖෂධ වර්ග 48 ක මිල පාලනය ක්‍රියාත්මක නොකරන ඖෂධ අලෙවි සැල් 180 ක් පිළිබඳ පැමිණිලි ලැබී තිබේ.

සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, ඖෂධ ලබා නොදීම, මිල අඩු කර නොතිබීම, ඖෂධ සැඟවීම ආදී චෝදනා යටතේ එම පැමිණිලි ලැබී ඇති බව ය.

පසුගිය 04 වැනිදා සිට එම පැමිණිලි ලබාදීම සඳහා 011- 3071073 සහ 011- 3092269 යන දුරකතන අංක හඳුන්වා දෙනු ලැබුවේය.

අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත එම වැඩපිළිවෙලට ක්‍රියාත්මක වේ.

ඖෂධ තොග සඟවා ඇත්නම් ඒ පිළිබඳව සොයා බැලීමේ විමර්ශන ද ක්‍රියාත්මක අතර එම සියලුම ගබඩා පරීක්ෂා කිරීම් සිදු කෙරෙන බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]