කුරුණෑගලදී පොලිසියට වෙඩි තැබීම: ‘රොහා’ නමැති සැකකරු රඳවා ප්‍රශ්න කිරීමට නියෝග

කුරුණෑගලදී පොලිසියට වෙඩි තැබීම: ‘රොහා’ නමැති සැකකරු රඳවා ප්‍රශ්න කිරීමට නියෝග

කුරුණෑගලදී පොලිසියට වෙඩි තැබීම: ‘රොහා’ නමැති සැකකරු රඳවා ප්‍රශ්න කිරීමට නියෝග

කර්තෘ Hashini De Mel

17 Nov, 2016 | 5:52 pm

කුරුණෑගලදී පොලිසියට වෙඩි තබා පලා යාමේදී අත්අඩංගුවට ගත් ‘රොහා’ හෙවත් රෝහාන් සිල්වා නැමැත්තාගෙන් රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර ප්‍රශ්න කරන බවට පොලීසිය පවසයි.

ඒ, අදාළ සැකකරු අද කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය.

පොලිසිය සඳහන් කළේ, රත්මලාන ප්‍රදේශයේ පදිංචි ඔහුව ‘රොහා’  හෙවත් රෝෂාන් සිල්වා ලෙස හඳුනාගෙන ඇති බව ය.

පසුගිය කාලය තුළ මොරටුව, රත්මලාන, පිළියන්දල ප්‍රදේශවල සිදු වූ ඝාතන රැසකට ඔහු සම්බන්ධ ඇති බව අනාවරණය වී තිබේ.‍

පසුගියදා අත්තිඩිය ප්‍රදේශයේදි මොටර් රථයකින් පැමිණි පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර ඇත්තේ මොහු විසින් බව පෙලිසිය පවසා ඇත.

කුරුණෑගල – පුත්තලම පාරේ හෝටලයක් අසලදී පෙරේදා රාත්‍රියේදි පොලිසියට වෙඩි තබා පළා යමින් සිටියදී ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසිය සඳහන් කළේ, පලාගිය අනෙක් සැකකරුවන් සොයා විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් මෙහෙයුම් ආරම්භ කර ඇති බව ය.

මෙම වෙඩි තැබීමෙන් උප පොලිස් පරික්ෂකවරයකු මියගොස් සැරයන්වරයකු හා කොස්තාපල්වරයකු තුවාල ලැබිණි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]