අනුරාධපුරයට තර්ජනයක් වූ සද්ධන්ත වන අලියෙකු අල්ලා ගනී

අනුරාධපුරයට තර්ජනයක් වූ සද්ධන්ත වන අලියෙකු අල්ලා ගනී

කර්තෘ Hashini De Mel

17 Nov, 2016 | 3:24 pm

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවකට තර්ජනයක්ව සිටි වන අලියෙකු වනජීවී නිලධාරීන් විසින් අල්ලාගෙන තිබේ.

අනුරාධපුරය විලච්චිය, ඔයාමඩුව, මානින්ගමුව, ගල්පොත්තේගම, තන්තිරිමලය හා පුවරසන් කුලම යන ප්‍රදේශවල පසුගිය දින කිහිපයේ මෙම වන අලියා ජීවිත හා දේපල හානි විශාල ප්‍ර‍මාණයක් සිදු කළ බව අප වාර්තාකරු පැවසයි.

මෙම වන අලියා ඇල්ලීමේ මෙහෙයුම ආරම්භ කර ඇත්තේ ඊයේ පස්වරුවේය.

අනුරාධපුර වයඹ කලාප භාර පශූ වෛද්‍යවරයා ඇතුලු වන ජීවී නිලධාරීන් 21 දෙනෙකු මෙම මෙහෙයුමට එක්ව සිටියේ ය.

වන අලියා අල්ලා ඇත්තේ සාලිය පුර පුවරසන්කුලම ප්‍රදේශයේදීයි.

වයස අවුරුදු 40ක් පමණ වන මේ සද්ධන්තයාගේ උස අඩි 10කට ආසන්න වන අතර හෙට දිනයේදී හොරොව්පතාන අලි සුරැකුම් මධ්‍යස්ථානය වෙත රැගෙන යෑමට නියමිත වේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]