කුරුණෑගල, රත්තරවුවදී පොලීසියට වෙඩි: උප පොලිස් පරීක්ෂකවරයෙක් මරුට

කුරුණෑගල, රත්තරවුවදී පොලීසියට වෙඩි: උප පොලිස් පරීක්ෂකවරයෙක් මරුට

කුරුණෑගල, රත්තරවුවදී පොලීසියට වෙඩි: උප පොලිස් පරීක්ෂකවරයෙක් මරුට

කර්තෘ Sakila Udayakumara

16 Nov, 2016 | 6:50 am

කුරුණෑගල, රත්තරවුව ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් උප පොලිස් පරීක්ෂකවරයෙකු මිය ගොස් තිබේ.

රත්තරවුව ප්‍රදේශයේ හෝටලයක නවතා තිබූ නාදුනන මෝටර් රථයක් සම්බන්ධයෙන් කුරුණෑගල පොලීසියට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමක් අතරතුර මොටර් රථයේ සිටි පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් නිලධාරීන්ට වෙඩි තබා තිබේ.

සිද්ධියෙන් උප පොලිස් පරීක්ෂකවරයෙකු එම ස්ථානයේදී ම මිය ගොස් ඇති අතර තව ත් පොලිස් නිලධාරීන් තිදෙනෙකු තුවාල ලබා මේ වන විට කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය සඳහන් කළේ ය.

වෙඩි තැබීමෙන් අනතුරුව සැකකරුවන් පළා ගොස් ඇති අතර ඔවුන් සොයා කුරුණෑගල පොලීසිය පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]