ඉල් පුර පසළොස්වක පොහොය අදයි

ඉල් පුර පසළොස්වක පොහොය අදයි

ඉල් පුර පසළොස්වක පොහොය අදයි

කර්තෘ Sagarika Chathumali

14 Nov, 2016 | 10:51 am

ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ ඉල් පුර පසළොස්වක පොහොය දිනය අදයි.

නිමල බුදු දහම ගම් නියම්ගම් සිසාරා ප්‍රචාරය කිරීමේ අරමුණින් පළමු ධර්මදූත කණ්ඩායම ධර්ම ප්‍රචාරය ඇරඹීම, බුදුරජාණන් වහන්සේ උරුවෙල් දනව්වට වැඩම කර තුන් බෑ ජටිලයින් දමනය කිරීම සිදුවූයේ අද වැනි ‍පොහෝ දිනකදී ය.

අග්‍ර ශ්‍රාවක සැරියුත් මහ රහතන් වහන්සේ පිරිනිවන් පෑම හා මෛත්‍රී බෝසතුන් විවරණ ලැබීම ද ඉල් පුර පසළොස්වක පොහෝ දිනයේ සිදු විය.

මෙම පොහෝ දිනයට සමගාමීව කඨින චීවර පූජව අවසන් වන අතර වස් විසූ භික්ෂූන් වහන්සේ වස් පවාරණය කිරීම ද සිදුවේ.

ශාසනික වශයෙන් ඇති ඉතා වැදගත් පිංකමක් වන කඨින චීවර පූජාව කළ හැකි අවසාන දිනය වශයෙන් ද ඉල් පුර පසළොස්වක පොහෝ දිනය හැඳින්විය හැකි ය.