ජොන්ස්ටන් ප්‍රනාන්දුට විදේශගත වීමට අධිකරණයෙන් අවසර

ජොන්ස්ටන් ප්‍රනාන්දුට විදේශගත වීමට අධිකරණයෙන් අවසර

කර්තෘ Hashini De Mel

11 Nov, 2016 | 5:18 pm

පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට විදේශගත වීම සඳහා අධිකරණය අද අවසර ලබා දුන්නේ ය.

ඒ, තම බිරිඳට වෛද්‍ය ප්‍ර‍තිකාර ලබා ගැනීම සඳහා සිංගප්පූරුවට යාමට අවසර ඉල්ලා මන්ත්‍රීවරයා අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට යොමු කළ ඉල්ලීමක් සළකා බැලීමෙන් අනතුරුවයි.

මේ අනුව කොළඹ ප්‍ර‍ධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා සැකකාර මන්ත්‍රීවරයාට ලබන 14 වැනිදා සිට 18 වැනිදා දක්වා විදේශගත වීමට අවසර ලබා දුන්නේ ය.

අධිකරණ භාරයේ ඇති විදේශ ගමන් බලපත්‍ර‍ය ඔහු වෙත මුදා හරින ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.