වසර 12ක සේවා කාලය අවසන් නොකර විශ්‍රාම ලැබූ ආබාධිත රණවිරුවන්ට විශ්‍රාම වැටුප ගෙවන බවට ලිඛිතව දන්වයි

වසර 12ක සේවා කාලය අවසන් නොකර විශ්‍රාම ලැබූ ආබාධිත රණවිරුවන්ට විශ්‍රාම වැටුප ගෙවන බවට ලිඛිතව දන්වයි

වසර 12ක සේවා කාලය අවසන් නොකර විශ්‍රාම ලැබූ ආබාධිත රණවිරුවන්ට විශ්‍රාම වැටුප ගෙවන බවට ලිඛිතව දන්වයි

කර්තෘ Sakila Udayakumara

07 Nov, 2016 | 5:54 pm

වසර 12ක සේවා කාලය අවසන් නොකර විශ්‍රාම ලැබූ ආබාධිත රණවිරුවන්ට ලබන පෙබරවාරි මාසයේ සිට සේවා විශ්‍රාම වැටුප ගෙවන බව අද එම රණවිරුවන්ට ලිඛිතව දැනුම් දී තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, වසර 12ක සේවා කාලය අවසන් කර විශ්‍රාම ලැබූ රණවිරුවන්ට ලබා දෙන සේවා විශ්‍රාම වැටුප වසර 12ක සේවා කාලය අවසන් නොකර ස්වේඡාවෙන් විශ්‍රාම ලැබූ ආබාධිත රණවිරුවන්ට ද ලබා දීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව ය.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, අදාළ ඉල්ලීම් මුල් කර ගනිමින් උද්ඝෝෂණයේ නිරත වූ රණවිරුවන්ගේ නියෝජිතයින් සමග ආරක්ෂක අමාත්‍යංශයේ අද පැවති සාකච්ඡාවකදී ආරක්ෂක ලේකම්වරයා එම තීරණය ලිඛිතව ලබා දී ඇති බව ය.

වසර 12ක සේවා කාලය අවසන් කර විශ්‍රාම ලැබූ ආබාධිත රණවිරුවන්ට සහ වසර 12ක සේවා කාලය අවසන් නොකර ස්ව කැමැත්තෙන් වන්දි ලබා විශ්‍රාම ලැබූ ආබාධිත රණවිරුන්ට මේ වන විට මූලික වැටුප සහ දුබලතා විශ්‍රාම වැටුප රජය විසින් පිරිනමනු ලැබේ.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, වසර 12ක සේවා කාලය අවසන් කර විශ්‍රාම ලැබූ ආබාධිත රණවිරුවන්ට සේවා විශ්‍රාම වැටුප පමණක් හිමි වන අතර ස්ව කැමැත්තෙන් වන්දි ලබා විශ්‍රාම ලැබූ ආබාධිත රණවිරුවන්ට මෙතෙක් එය හිමි නොවනු අතර, පැවති කිසිඳු රජයක් මේ පිළිබඳ අවධානය යොමු කර නොමැති බව ය.

මේ පිළිබඳ විශේෂ අවධානය යොමු කළ ජනාධිපතිවරයා ඊට අදාළ විශේෂ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර, අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව ලබන වසරේ පෙබරවාරි මාසයේ සිට සේවා විශ්‍රාම වැටුප ලබා දීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]