හමුදා බුද්ධි අංශයේ නව අධ්‍යක්ෂ ධූරය බ්‍රිගේඩියර් විජේන්ද්‍ර ගුණතිලකට

හමුදා බුද්ධි අංශයේ නව අධ්‍යක්ෂ ධූරය බ්‍රිගේඩියර් විජේන්ද්‍ර ගුණතිලකට

කර්තෘ Sakila Udayakumara

02 Nov, 2016 | 6:00 pm

හමුදා බුද්ධි අංශයේ නව අධ්‍යක්ෂවරයා ලෙස බ්‍රිගේඩියර් විජේන්ද්‍ර ගුණතිලක මහතා පත් කර තිබේ.

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා සඳහන්  කළේ, අද සිට මෙම පත් කිරීම සිදුකර ඇති බව ය.

බ්‍රිගේඩියර් විජේන්ද්‍ර ගුණතිලක මහතා මීට පෙර යුද හමුදා මූලස්ථානයේ යුද සේනා ලේකම් කාර්යාලයේ සේවය කළේ ය.

හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂ තනතුරේ, කටයුතු කළ බ්‍රිගේඩියර් සුරේෂ් සලෙයි මහතා බුද්ධි අංශ රෙජිමේන්තු මධ්‍යස්ථානයට තාවකාලිකව මාරු කර ඇති බව ද යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.