මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව: කෝප් කමිටු වාර්තාව හා විගණකාධිපති වාර්තාව නීතිපතිවරයා වෙත

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව: කෝප් කමිටු වාර්තාව හා විගණකාධිපති වාර්තාව නීතිපතිවරයා වෙත

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව: කෝප් කමිටු වාර්තාව හා විගණකාධිපති වාර්තාව නීතිපතිවරයා වෙත

කර්තෘ Sakila Udayakumara

02 Nov, 2016 | 7:23 am

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් කෝප් කමිටු විමර්ශන වාර්තාව හා විගණකාධිපති වාර්තාව තමන් වෙත ලැබුණු බව නීතිපතිවරයා පවසයි.

නීතිපති ජයන්ත ජයසූරිය මහතා සඳහන් කළේ, මේ සමබන්ධයෙන් තම තීරණ කඩිනමින් රජය වෙත ලබා දීමට කටයුතු කරන බව ය.

මෙහිදී අදාළ වාර්තා සම්බන්ධයෙන් අංශ 2ක් ඔස්සේ තම නිර්දේශ රජයට දැනුම් දෙන බව ඔහු පැවසී ය.

ඒ අනුව අදාළ වාර්තාවෙන් කළ විමර්ශනවලදී හෙළි වූ කරුණු මත පදනම්ව ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳව රජය දැනුවත් කෙරෙනු ඇති.

මීට අමතරව එහි සාක්ෂි විභාගයන් පරික්ෂා කිරීම තවත් අංශයකින් සිදු කිරීමට නියමිත ය.

නීතිපතිවරයා සඳහන් කළේ, දැනට එම සාක්ෂි ගොනු කථානායකවරයා භාරයේ පවතින බව ය.

අදාළ වාර්තා නීතිපතිවරයා වෙත පෙරේදා යොමු කළ බව ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍ය කබීර් හෂීම් මහතා සඳහන් කළේ ය.

මේ අතර ඊයේ පස්වරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැවසුවේ, බැඳුම්කර සිද්ධිය පිළිබඳව මහ බැංකුව සකස් කළ වාර්තාව මූල්‍ය මණ්ඩලය වෙත ලබා දී ඇති බව ය.

ඒ පිළිබඳව ලබන සිකුරාදා තීරණයක් ගැනීමට අපේක්ෂා කරන බව ද මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]